Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නාඳුනන පුද්ගල මළ සිරුරක් කාණුවකින් හමුවෙයි

හැටන් පොලිස් වසමට අයත් ස්තැඩන් වත්තේ කාණුවක තිබි නාදුනන පුද්ගල මළ සිරුරක් අද (05) දින හමු වු බව හැටන් පොලිසිය පවසනවා. හැටන් සහ රොසැල්ල දුම්ර...


හැටන් පොලිස් වසමට අයත් ස්තැඩන් වත්තේ කාණුවක තිබි නාදුනන පුද්ගල මළ සිරුරක් අද (05) දින හමු වු බව හැටන් පොලිසිය පවසනවා.


හැටන් සහ රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතර, දුම්රිය මාර්ගයට පහලින් තේ වත්තේ පුද්ගල මලසිරුරක් ඇති බවට වතු කම්කරුවන් විසින් හැටන් පොලිසිය වෙත ලබාදුන් තොරතුරක් මත පොලිසිය විසින් සිරුර සොයගෙන තිබෙනවා.


අවුරුදු 50ක්  පමණ වයසැති මියගිය පුද්ගලයා දුඹුරු පාට කමිසයක් සහ සරමක් ඇද සිටි බවයි පොලිසිය ප්‍රකාශ කළේ.


සිරුර සම්බන්ධයෙන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව සිරුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය ප්‍රකාශ කළා.

No comments

Ads Place