Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාලකයන් ගැන තිබූ විශ්වාසය බිඳිලා.. ලොකු අප්‍රසාදයක් ඇතිවෙලා… කොරෝනාට වඩා විශාල පරිසර විනාශයක් වෙනවා..

  අද මෙරට සිදුවන පරිසර විනාශය කොරෝනා වසංගතයට වඩා විනාශයක් බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ රටේ පාලකයන් ගැ...

 


අද මෙරට සිදුවන පරිසර විනාශය කොරෝනා වසංගතයට වඩා විනාශයක් බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ රටේ පාලකයන් ගැන තිබුණු විශාල ජනතා ප්‍රසාදය අද වන විට බිඳී ගොස් ඇති බවයි.

මාධ්‍යයට අදහස් පළ කරමින් ඔහු මෙසේ ද සඳහන් කළේය.

මේ ආණ්ඩුව ගැන රටේ මිනිස්සු පුදුම විශ්වාසයකින් හිටියේ. කොරෝනා තිබ්බා කියලා නෑ මගේ නිවසට දිනකට වාහන 7-8ක මිනිස්සු එනවා. ඒ එන හැම කෙනාම මගෙන් ප්‍රශ්න කරන්නේ නායකතුමනි රටට මොනවද වේගෙන යන්නේ කියලා. ඒ අය කතා කරන්නේ මේ දිනවල රට හැම තැනම් සිද්ධවෙන වන විනාශය පිළිබඳ. ඒ අයගේ කතා පොජ්ජෙන් මට පෙනී යන කරුණ තමයි රටේ පාලකයන් පිළිබදව තිබ්බ ලොකු විශ්වාසය බිඳිලා ලොකු අප්‍රසාදයක් ඇතිවෙලා තියෙනවා කියලා. අපේ රටට කොරෝනා වසංගතය ආවා. ඒ කොරෝනා වසංගතයට වඩා ලොකුවට දැන් කතා කරන්න වෙලා තියෙන වසංගතය තමයි රටේ ශීඝ්‍රයෙන් සිද්ධ කෙරන පරිසර විනාශය.

මේවා මේ විදියට සිද්ධවෙමින් මෙම සිදුවීම් ලෝකය හමුවට යන කොට ලෝකයා අපේ රට දිහා මොන විදියට බලයිද? රටේ පාලකයන් ගැන මොනවා කියයිද?’’ යැයි රටේ මේ දිනවල වැඩි කතාබහට ලක්වෙන වන විනාශය පිළිබද දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තෝ එසේ ප්‍රකාශ කළේය. මේ ආණ්ඩුව පත්වෙන කොට රටේ ජනතාවට ලොකු විශ්වාසයක් තිබ්බා පත්වෙන ජනාධිපතිට පමණයි රට ගොඩ ගන්න පුළුවන් කමක් තියෙනවානම් තියෙන්නේ කියලා. එහෙම විශ්වාස කරලා තමයි මිනිස්සු ඡන්දය දීලා එතුමාව පත් කර ගත්තෙත්. හැබැයි මේ කාලය වන විට මේ සිද්ධවෙමින් යමින් තියෙන විනාශය ගැන ජනාධිපතිතුමන්ම කතා කරනවා මම දැක්කා අක්කර 2000 -3000ක් පරිසර විනාශ වෙනකම් මේක බලන් හිටියේ මොකද එක ගහක් දෙකක් කැපෙන කොට නතර කර ගන්න බැරි වුණාද කියලා ජනාධිපතිතුමන්ම ප්‍රශ්න කරනවා.

පසුගිය කාලයේ වල්සපුගල ගම්මානයේ විරෝධතාවයක් පටන් ගත්තා. මේ වෙනකොට දින 58 කට අධික කාලයක් තිස්සේ ඒ අයගේ ඉල්ලීම් ඉල්ලලා විරෝධතාවයේ නියැළෙනවා. මේ වනතුරු ඒ පිරිසට කිසිවෙක් හරි උත්තරයක් දීලා නෑ. හැබැයි ඒ විරෝධතාවයේ නියැළෙන අය ඉල්ලන්නේ අපට ඉඩම් දෙන්න කියලවත් අපට කැලෑ දෙන්න කියලාවත් නෙවෙයි. ඒ අයගේ ඉල්ලීම්වලත් සාධාරණයක් තියෙනවා. අද වෙනකොට රට වටේම වන අලින්ගෙන් මිනිසුන්ට සිද්ධවෙන පීඩා වැඩිවෙලා තියෙනවා. මහියංගණයට ඇවිත් මහවැලි ගඟදිහා බැලුවොත් ඕනෑම වෙලාවක අලි 15ක් 20ක් ඉන්නවා. මේ වගේ වන අලි ගම්වදින්න හේතු තියෙනවා. ඒ සතුන්ගේ වාසභූමි මිනිස්සු විසින් අත්පත් කර ගැනීම තමයි ඒකට ප්‍රධානම හේතුව. මේවා මෙහෙම වෙනකොට සිද්ධවෙන්නේ ලොකු විනාශයක්. ආණ්ඩුව විසින් මිනිස්සු ගැන හොයා බලනවා වාගෙම කැලෑවේ ජීවත් වෙන සතා සිවුපාවා ගැනත් හොයලා බලලා ආරක්ෂා කර ගන්න වැඩපිළිවෙළකට යන්න ඕන. ඒ තැනට තමයි වනජීවී දෙපාර්තමේන්තුව කියලා එකක් තියෙන්නේ. හැබැයි එහෙම කියලා දෙපාර්තමේන්තුවක් තිබුණාට කැලෑව ආරක්ෂා වෙන්නේ නෑනේ? කවුරු හරි එළිපෙහෙළියට යන්න කැලෑවක් කොටසක් ආරක්ෂා කරගෙන හිටියොත් ඒ කැලෑ කොටස ආරක්ෂා කර ගන්න නීතිය ක්‍රියත්මක වෙනවා.

lankacnews

No comments

Ads Place