Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා ඡන්දය ලබන සඳුදා

  ශ්‍රී ලංකාවට එරෙහිව රටවල් කීපයක් ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් වන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද විමසීම ලබන සඳුදා පැවැත්වීමට නියම...

 


ශ්‍රී ලංකාවට එරෙහිව රටවල් කීපයක් ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් වන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද විමසීම ලබන සඳුදා පැවැත්වීමට නියමිතයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට මෙම යෝජනාව ඉදිරිපත් කළේ එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක් එක්වයි. ඒ, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳ කරුණු ඇතුළත් කරමින්.


කෙසේවෙතත් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසන්නේ ඉදිරිපත් කර ඇති චෝදනා සත්‍ය වසන් කර දේශපාලන අරමුණක් සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගයක් බවයි. අපේ රටේ අභ්‍යන්තර කරුණු සම්බන්ධයෙන් චෝදනා කිරීම හෝ එම කරුණු සඳහා ඡන්ද විමසීම ජාත්‍යන්තරය පිළිගත් මානව හිමිකම් කවුන්සිලයක වගකීම නොවන බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.



ඉකුත් කාලය පුරා රටට මානව හිමිකම් චෝදනා යැයි කියමින් නොයෙක් චෝදනා ඉදිරිපත් කෙරුණා. මේ පිළිබඳ ආණ්ඩුව අවධානයෙන් යුතුව කටයුතු කර තිබෙනවා. වත්මන් ආණ්ඩුව පත් වූ පසු මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසමක් පත් කළබවයි අමාත්‍යවරයා පැවසුවේ. අතුරුදහන් වූවන් පිළිබඳ තොරතුරු කාර්යාංශය ක්‍රියාත්මක කිරීමට අය-වැයෙන් පවා මුදල් වෙන් කර තිබෙනවා.


එවැනි සාධනීය පියවර රැසක් අනුගමනය කරමින් වත්මන් රජය කටයුතු කරද්දී ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී ඒ පිළිබඳ නොසළකා හැර නැවත නැවත  ශ්‍රී ලංකාවට විවිධකාරයෙන් චෝදනා කිරීම සාධාරණ නොවන බවයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පෙන්වා දෙන්නේ. ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවට විරුද්ධව ඉදිරිපත් කරන අසත්‍ය චෝදනා පරාජය කිරීමට උත්සහා ගන්නා බවයි. ඒ සඳහා මිත්‍ර රටවල් රැසක් ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳගෙන සිටින බවත් මෙවර ඉන්දියාවද ශ්‍රී ලංකාවේ සහයට ඉදිරිපත් වනු ඇතැයි විශ්වාස කරන බවත් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළා.

No comments

Ads Place