Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සියලු කාර්මාන්තශාලා සේවක සේවීකාවන්ට කොරෝනා එන්නත් ප්‍රමුඛතාව ඉල්ලයි..

  කොවිඩ් එන්නත ලබා දීමේ දී දිවයිනේ සියලු කාර්මාන්තශාලා සේවක සේවීකාවන්ට ද ප්‍රමුඛතාව ලබා දෙන්න යැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජනාධි...

 


කොවිඩ් එන්නත ලබා දීමේ දී දිවයිනේ සියලු කාර්මාන්තශාලා සේවක සේවීකාවන්ට ද ප්‍රමුඛතාව ලබා දෙන්න යැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි. කොවිඩ් වසංගතය පවතිද්දීත් රටේ නිශ්පාදන ක්‍රියාවලියට සෘජුවම දායක වූ මෙම පිරිසට මෙම එනන්ත ලබා දීම කඩිනම් කළ යුතු බව ද ඔහු පෙන්වා දෙයි.

දිවයින පුරා ආයෝජන මණ්ඩලයට අයත් නිදහස් වෙළද කළාප 14 ක් පිහිටා තිබේ. ඊට අමතරව කර්මාන්තපුර ද පිහිටා ඇත. නිදහස් වෙළද කළාප 14 තුළ පමණක් කර්මාන්තශාලා 250 කට අධික සංඛ්‍යාවක් පිහිටා ඇති අතර එහි සේවය කරනු ලබන සේවක සේවිකාවන් ගණන 130,000 ඉක්මවයි. ඔවුන් ද ඇතුළත් ව දිවයින පුරා කර්මාන්තශාලා 1700කට වැඩි සංඛ්‍යාවක ලක්ෂ පහකට අධික පිරිසක් රටේ නිෂ්පාදන ක්‍රියාවලියට දායක වී සිටින බව ඇමතිවරයා පෙන්වා දෙයි. මෙම කර්මාන්තශාලා සේවක සේවිකාවන් සදහා ආහාරපාන හා අනෙකුත් පහසුකම් සපයන්නන් ද විශාල පිරිසක් වෙති.

කොවිඩ් වසංගතය පැවැතුණ ද පසුගිය වසරේ දී මෙරට අපනයන ආදායමට ඩොලර් බිලියන 8.5 ක් එක් කිරීමට හැකි වූයේ මෙම සේවක සේවිකාවන්ගේ කැපවීම නිසා බව  පෙන්වා දෙන ඇමතිවරයා එය මෙරට සම්පූර්ණ ආදායමින් 70%කට ආසන්න වූ බව ද පවසයි. මේ වනවිටත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙම කර්මාන්තශාලා පවත්වා ගෙන යයි. වයස අවුරුදු 30 ට වැඩි සියලු පුද්ගලයන්ට මෙම කොවිඩ් එන්නත ලබා දීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව බොහෝ ප්‍ර දේශ වල කර්මාන්තශාලා සේවක සේවිකාවන් ආවරණය වුව ද ඔවුන් සදහා ම මෙම එන්නත ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කළ හැකි නම් එය මෙරට නිෂ්පාදන ක්‍රියාවලියට පිටිවහළක් බව ඇමතිවරයාගේ අදහසයි.

මේ අතර සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වූවන්ට කොවිඩ් එනන්ත ලබාදීමේ දී ප්‍රමුඛතාවය ලබාදෙන්න යැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා කළ ඉල්ලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකගත්වය පළ කර තිබේ. ඒ අනුව සංචාරක සේවා සපයන්නන් සදහා ඉතා ඉක්මණින් මෙම එන්නත ලබා දීමට සැලසුම් කර ඇතැයි ද ඇමතිවරයා කියයි.

No comments

Ads Place