කොරෝනා වෛරසය ආසාදනය වී මෙරට තුළ මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය කිරීම සඳහා ඉරණතිව් දූපත හඳුනාගෙන ඇතැයි රජය පවසනවා. අද පැවැති කැබිනට් තී...
කොරෝනා වෛරසය ආසාදනය වී මෙරට තුළ මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය කිරීම සඳහා ඉරණතිව් දූපත හඳුනාගෙන ඇතැයි රජය පවසනවා.
අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ තාක්ෂණික කමිටුව විසින් එම ප්‍රදේශය හඳුනාගෙන ඇති බවයි
කොරෝනා වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය කිරීම සඳහා රජය ඉකුත් දා අවසර ලබාදුන්නා.
ඒ, ඊට අදාළ කරුණු ඇතුළත් ගැසට් නිවේදනයක් ද නිකුත් කරමින්. කෙසේවෙතත්, එම මෘතදේහ ආදාහනය කිරීම සඳහා සුදුසු ස්ථානයක් හඳුනා ගැනීම ඇතුළු කරුණු කිහිපයක් නිරාකරණය කර ගන්නා තෙක් කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ ආදාහනය කිරීමට නොහැකි බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඉකුත් දා සඳහන් කළේ.
nethnews
No comments