Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට රනිල් තරම් ක්‍රියාකළ නායකයෙක් නෑ - වජිර අබේවර්ධන

  මෙරට කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට රනිල් වික්‍රමසිංහ තරම් ක්‍රියාකළ වෙනත් නායකයෙක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධ...

 


මෙරට කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට රනිල් වික්‍රමසිංහ තරම් ක්‍රියාකළ වෙනත් නායකයෙක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසනවා.


මේ නව නීති ගෙනැවිත් දේශපාලන පක්ෂ හා සංවිධායකවරු පාලනය කර තිබීම නිසා පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 25% දක්වා වැඩි කර ගැනීමට හැකිව තිබෙන බවද ඔහු ප්‍රකාශ කළා.  


ජාත්‍යන්තර කාන්තා දිනය සමරන අවස්ථාව වන විට කාන්තාවන් සිය දිවි නසා ගන්නා තැනට වත්මන් පාලකයෝ රට පත් කර තිබෙන බව පැවසූ වජිර අබේවර්ධන  මෙම ඛේදනීය තත්ත්වයෙන් රට මුදවාගෙන කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කර දිය හැක්කේ එ.ජා.ප. පාලනයකට පමණක් බවද ප්‍රකාශ කළා.


ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කරන්දෙණියෙ පැවති කාන්තා දින සමුළුවට එක් වෙමින් වජිර අබේවර්ධන මෙම අහදස් පලකළා. 

No comments

Ads Place