Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කුරාණය අරන් කළු ඉරිදා දේව මෙහෙයට මුස්ලිම්කතක් පැමිණියේ ඇයි? – පරීක්‍ෂණ ඇරඹේ

  කටුගස්තොට සියඹලාගස්තැන්නේ රෝමානු කතෝලික දේවස්ථානයේදී පාස්කු ප‍්‍රහාරයට විරෝධය පාමින් පැවති කළු ඉරිදා දේව මෙහෙයට කුරාණයේ පිටපත් කීපයක් රැගෙ...

 


කටුගස්තොට සියඹලාගස්තැන්නේ රෝමානු කතෝලික දේවස්ථානයේදී පාස්කු ප‍්‍රහාරයට විරෝධය පාමින් පැවති කළු ඉරිදා දේව මෙහෙයට කුරාණයේ පිටපත් කීපයක් රැගෙන පැමිණි කාන්තාවක කටුගස්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


ඉංග‍්‍රීසි නමකින් පෙනී සිටි 53 හැවිරිදි මෙම කාන්තාව දේවස්ථානයට ඇතුළුවීමට උත්සාහ කරමින් සිටියදී සැකකළ පොලිසිය ඇය අත්අඩංගුවට ගෙන ඇත. ප‍්‍රශ්න කළ අවස්ථාවේ මෙම කාන්තාව තමාගේ සැබෑ නම හෙළිකර ඇති අතර එය මුස්ලිම් ජාතික නමකි.


අත්අඩංගුවට ගත් කාන්තාව කටුගස්තොට ප‍්‍රදේශයේ පදිංචිකාරියක වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.


මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී.කේ. රත්නායක මහතාගේ අධීක්‍ෂණය යටතේ මහනුවර පොලිස් මූලස්ථානය සහ කටුගස්තොට පොලිසිය මගින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙයි.

No comments

Ads Place