Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පරිසර විනාශයන්ට කඩිනමින් ක්‍රියාත්මක වන්න ඒකකයක් පිහිටුවීමට ඇමති අමරවීරගෙන් යෝජනාවක්

 පරිසර විනාශ කිරීම් සිද්ධීන්වලට කඩිනමින් සහ කාර්යක්‍ෂමව ක්‍රියාත්මක විය හැකි ඒකකයක් පිහිටුවීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර විසින් යෝජනාවක් ඉ...


 පරිසර විනාශ කිරීම් සිද්ධීන්වලට කඩිනමින් සහ කාර්යක්‍ෂමව ක්‍රියාත්මක විය හැකි ඒකකයක් පිහිටුවීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, පාර්ලිමේන්තුවේ රැස්වූ පරිසර කටයුතු පිළිබද  අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදීයි.


එම නව ඒකකකයට පරිසර, වනජීවි, වන සංරක්‍ෂණ, මහජන ආරක්‍ෂාව සහ මධ්‍යම පරිසර අධිකාරිය වැනි රජයේ ආයතනවල වගකිව යුතු නිලධාරීන් ඇතුළත් විය යුතු බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත්තේ. ඊට සමගාමීව මාධ්‍ය ඒකකයක් ස්ථාපනය කළ යුතු බව ද එම උපදේශක කාරක සභාවේ තීරණය වී තිබෙනවා. පරිසර විනාශය සම්බන්ධයෙන් රට තුළ ව්‍යාජ ප්‍රවෘත්ති සංසරණය වැළැක්වීමටත් ජනමාධ්‍ය විසින් ඉදිරිපත් කරනු ලබන වැදගත් ප්‍රවෘත්ති කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමටත් එම ඒකකයෙන් සිදුවන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ. 


අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පරිසර කටයුතු පිළිබද අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී, දිවයින පුරා මතු වී තිබෙන පරිසර ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමුවී තිබෙනවා. ඒ අනුව වැලි මිලදී ගැනීම සහ අලෙවිය රාජ්‍ය ආයතනයක් වන තාක්‍ෂණික සමාගමක් මගින් සිදුකිරීමටත් අවධානය යොමු වුණා.


වැලි ගොඩ දැමීම සදහා අඩු ආදායම්ලාභීන් වෙත අවස්ථාව ලබාදී ඔවුන්ට සාධාරණ මුදලක් උපයා ගැනීමට අවස්ථාව සලසා දෙන බවයි අමාත්‍ය මහින්ද අමරවීරඑහිදී සදහන් කළේ.  එමෙන්ම ඉහළ ගිය වැලි මිල සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.


ඒ අනුව වැලි මිල ස්ථාවරකරණය සදහා විධිමත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරමින් පවතින බවත් වැලි කැණීමේදී බලපත්‍ර හිමියන්ගෙන් වැඩි තැන්පතුවක් ලබාගැනීම හරහා එය වඩාත් විධිමත්කරණයට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සදහන් කර ඇත්තේ. 

nethnews

No comments

Ads Place