Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දුම්රිය එන්ජිමක් පීලි පැනිමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු වලට බාධා

නාවලපිටිය දුම්රිය ස්ථානයට ආසන්නයේ ජයසුන්දරඕවිට ප්‍රදේශයේදි දුම්රිය එන්ජිමක් පීලි පැනිමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු වලට බාධා පැමිණ ඇත...


නාවලපිටිය දුම්රිය ස්ථානයට ආසන්නයේ ජයසුන්දරඕවිට ප්‍රදේශයේදි දුම්රිය එන්ජිමක් පීලි පැනිමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු වලට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසනවා.


මහනුවර සිට නාවලපිටිය දුම්රිය ස්ථානය දක්වා ධාවනය වු 142 මගි ප්‍රවාහන දුම්රියේ ඊලග ගමන් වාරය සදහා සුදානම් කිරිමට දුම්රියමැදිරිවලින් එන්ජිම ගලවා ඉදිරියට ධාවනය කල අවස්තාවේ නාවලපිටියජයසුන්දරඕවිට ප්‍රදේශයේදි (11) දින දහවල් 12.30 ට පමණ පිලි පැන ඇති බවයි දුම්රිය පාලක මැදිරිය කියා සිටියේ.


පිලි පැනිමට ලක් වු දුම්රිය එන්ජිම පීලිගත කිරිමේ කටයුතු කඩිනමින් ආරම්භ කර උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු යලි යථා තත්ත්වයට පත් කිරිමට අවශ්‍යය කටයුතු කර ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරියේ නිලධාරියෙකු පැවසුවා.

No comments

Ads Place