Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එන්නත් කර දිවයිනට පැමිණෙන පුද්ගලයින්ට උපදෙස් මාලාවක්

  කොරෝනා මර්දන එන්නතකින් මාත්‍රා දෙකම එන්නත් කර දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්, සංචාරකයින් ඇතුළු සියළු දෙනා සදහා උපදෙස් මාලාවක් අද දිනයේ න...

 


කොරෝනා මර්දන එන්නතකින් මාත්‍රා දෙකම එන්නත් කර දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්, සංචාරකයින් ඇතුළු සියළු දෙනා සදහා උපදෙස් මාලාවක් අද දිනයේ නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.


එන්නත් දෙකම ලබාගෙන  දින 14කින් පසු දිවයිනට පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝධායන කාලසීමාව අඩු කිරීමටයි සෞඛ්‍ය අංශවල අවධානය යොමුව ඇත්තේ.


අදාළ උපදෙස් මාලාව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද නිකුත් කිරීමට නියමිත බව යුද්ධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.


එන්නත් කර දිවයිනට පැමිණෙන පුද්ගලයින් නිරෝධායන ක්‍රියාවලියෙන් නිදහස් කරන ලෙස ඉකුත්දා පැවති සාකච්ඡාවකදී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක් ද සිදුකර තිබුණා.


 බොහෝ රටවල් මේවනවිට එන්නත් ලබාගත් සංචාරකයින්ට නිරෝධායනය කාලසීමාවකින් තොරව සිය රටවලට ඇතුළුවීමට අවසර ලබාදී තිබෙනවා.


මේ අතර මේ දිනවල වයස අවුරුදු 60 වැඩි  කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල පුද්ගලයින් සදහා එන්නත් කිරීමේ කටයුතු සිදු කෙරෙනවා. මේ වනවිට එන්නත් කර ඇති මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව හත්ලක්ෂ 96,000 කට අධිකයි.


එසේම කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල පූර්ව සැලසුම්ගත අයුරින් කොරෝනා මර්ධන එන්නත්කරණ කටයුතු ක්‍රියාත්මක බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා. කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සඳහා එහි දෙවන මාත්‍රාව නියමිත පරිදි ලබන අප්‍රේල් මාසයේදී ලබාදිමට හැකි වනු ඇති බවයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

No comments

Ads Place