Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අද සිට රාජ්‍ය සේවය සාමාන්‍ය වෙයි

 අද සිට සියලු රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ ජේ රත්නසිරිගේ අත්සනින් ඊ...


 අද සිට සියලු රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ ජේ රත්නසිරිගේ අත්සනින් ඊට අදාළ විශේෂ චක්‍රලේඛය ඉකුත් දා නිකුත් කෙරුණා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කළේ මහජන සේවා නිසි පරිදි පවත්වාගෙන යමින් රට යථාතත්ත්වයට ගෙන ඒමට කාලය එළැඹ ඇති බවයි.


මහජනතාවට සේවා සැපයීමේදී හා රාජ්‍ය ආයතන පවත්වාගෙන යාමේදී නිසි සෞඛ්‍ය උපදෙස් තවදුරටත් පිලිපැදිය යුතු බව ද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා.


කෙසේවෙතත්, කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත ලබාදී ඇති විශේෂ සේවා මුර ක්‍රමය අප්‍රේල් 30 වැනි දා දක්වා වලංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. අමාත්‍යාංශ්‍ය පැවසුවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නතේ දෙවන මාත්‍රාව ලබන අප්‍රේල් මාසය වනවිට එම කාර්ය මණ්ඩලයට ලබා දී අවසන් කිරීමට නියමිත බැවින් එම විශේෂ සේවා මුර ක්‍රමය අප්‍රේල් 30 වැනි දා දක්වා ක්‍රියාත්මක වන බවයි. 


ඒ අනුව, අප්‍රේල් 30 වැනි දා දක්වා සතියකට දින 02ක් විශේෂ නිවාඩු දිනයන් ලෙස සලකා මසකට දින 08 කට නොවැඩි වන ලෙස සේවා මුර සකසා රෝහල් කටයුතු පවත්වා ගෙන යා යුතු වනවා. එම නිවාඩු ලබා ගන්නා දිනයන් රාජකාරි දිනයක් ලෙස සලකා කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

No comments

Ads Place