Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආබාධිත රණවිරුවාට පහරදුන් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී රක්ෂිත බන්ධනාගාරයට

 රාගම රණවිරු සෙවනේ ප්‍රතිකාර ලබන ආබාධිත රණවිරුවෙකුට අතින් පහරදී ඔහුගේ කෘතීම පාදයට අනර්ථයක් සිදුකිරීමේ චෝදනාවට බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ මන්ත...


 රාගම රණවිරු සෙවනේ ප්‍රතිකාර ලබන ආබාධිත රණවිරුවෙකුට අතින් පහරදී ඔහුගේ කෘතීම පාදයට අනර්ථයක් සිදුකිරීමේ චෝදනාවට බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ලබන මස 01 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා විසින් අද නියෝග කරනු ලැබුවා.


පසුගිය 15 වෙනිදා රාත්‍රී කාලයේ දී සිය සහෝදරයා එනතෙක් රාත්‍රී කාලයේදී බණ්ඩාරගම, රයිගම ප්‍රදේශයේ මාර්ගය අසල සිටියදි මෙම ආබාධිත රණවිරුවා  ඉහත සිදුවීමට මුහුණ දී සිටිනවා.


සැකකරුට එරෙහිව බණ්ඩාරගම පොලිසියේ අපරාධ අංශයට ලැබුණු පැමිණිල්ලක් මත පරීක්ෂණයක් මත සැකකරු අත්අඩංගුවට ගෙන අද දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා.


සැකකරුගේ පහරදීම හේතුවෙන් ආබාධිත රණවිරුවා සුළු තුවාල ලබා මේ වන විට පානදුර මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර සිටියේ.

No comments

Ads Place