Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සභාපතිවරයෙකු තෝරා ගැනිමේ නිලවරණයට අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්…

  තලවකැලේ ලිදුල නගර සභාවට නව සභාපතිවරයෙකු තොරාපත් කර ගැනිමේ නිලවරණයට කොළඹ අභියාචනාධිකරණයෙන් (30) දින අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත. තලවක...


 තලවකැලේ ලිදුල නගර සභාවට නව සභාපතිවරයෙකු තොරාපත් කර ගැනිමේ නිලවරණයට කොළඹ අභියාචනාධිකරණයෙන් (30) දින අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

තලවකැලේ ලිදුල නගර සභාවේ හිටපු සභාපති අශෝක සේපාල මහතා සභාපති ධුරයෙන් සහ එම නගර සභාවේ නාගරික මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්විමෙන් අනතුරුව හිස් වු සභාපති ධුරය  සදහා නව සභාපතිවරයෙකු තොරා පත් කර ගැනිමේ නිලවරණය එම නගර සභා ශාලාවේදි මධ්‍යම පලාත් පලාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් (31) දින පැවැත්විමට නියමිතව තිබුණි.

අශෝක සේපාල මහතාගෙන් හිස් වු නාගරික මන්ත්‍රි ධුරයට නව මන්ත්‍රිවරයෙකු පත් නොකොට නිලවරණය පැවැත්විම සභාපතිවරයා සභාපති ධුරය සහ නාගරික මන්ත්‍රි ධුරය සදහා තේරිපත් වු ස්වාධින කණ්ඩායමට අසාධාරණයක් සිදු වන බව හිටපු සභාපති අශෝක සේපාල මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ තම කණ්ඩායමේ නාගරික මන්ත්‍රිවරයෙකු මෙම සභාවට පත්කරන තෙක් නව සභාපතිවරයෙකු තොරා පත් කරගැනිමේ නිලවරණය නොපවත්වන ලෙසට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසටයි.

පෙත්සම පිලිබදව සලකා බැලු අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් දෙපල විසින් මෙම අතුරුතහනම් නියෝගය මධ්‍යම පලාත් පලාත් පාලන කොමසාරිස්වරයාට සහ තලවකැලේ ලිදුල නගර සභාවේ ලේකම්වරයාට අදාල නියෝගය (30) දින නිකුත් කර ඇත.

එම නගර සභාවට නව සභාපතිරයෙකු තොරා පත් කර ගැනිම සදහා නිලවරණයක් මිට ප්‍රථම 2021.03.05 දින මධ්‍යම පලාත් පලාත් පාලන කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් එම නගර සභා ශාලාවේදි පැවති අතර,එදින නිලවරණය සදහා නාගරික මන්ත්‍රිවරුන්ගේ ඝන පුර්ණයක් නොමැති නිසා  නිලවරණය (31) දින තෙක් කල් තැබිමට මධ්‍යම පලාත් පලාත් පාලන කොමසාරිස්වරයා විසින් තිරණය කරනු ලැබුහ.

No comments

Ads Place