Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඥාති සහෝදර පහරදීමකින් කිලිනොච්චියේ හත් හැවිරිදි දරුවෙකු ජිවිතක්ෂයට

  කිලිනොච්චිය ප්‍රදේශයේදී ඥාති සොහොයුරෙකු සිදුකළ පහරදීමකින් හත් හැවිරිදි දරුවෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසනවා. පොලිසිය ...

 


කිලිනොච්චිය ප්‍රදේශයේදී ඥාති සොහොයුරෙකු සිදුකළ පහරදීමකින් හත් හැවිරිදි දරුවෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසනවා. පොලිසිය පැවසූවේ අබ්දුල් රහුමාන් නමැති හත් හැවිරිදි දරුවෙකු යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (28) එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.


පසුගිය 22 වෙනිදා හෝ ආසන්න දිනයකදි අදාළ පහරදීම සිදුව ඇති අතර, දරුවා සිය ලොකු තාත්තාගේ නිවස ආසන්නයේ පිහිටි ඉදිකරමින් පවතින නිවසක වැටී සිටියදී සොයාගෙන රෝහල්ගත කොට තිබු බවද පොලිසිය පැවසුවේ.


ජිවිතක්ෂයට පත්වු දරුවාගේ මව නම හැවිරිදි,හත් හැවිරිදි හා සිව් හැවිරිදි දරුවන් තිදෙනෙකු දරුවන්ගේ ලොකු තාත්තාගේ නිවසේ තබා මඩකලපුව වෙත ගොස් ඇති අවස්ථාවක අදාළ සිදුවීම සිදුව ඇති බවද පොලිස් පරීක්ෂණයන්ගෙන් අනාවරණය වි ඇත.


අදාළ දරුවන්ගෙන් හත් හැවිරිදි දරුවා සිය ඥාති සහෝදරයෙකු සමඟ නිවසින් පිටතට ගොස් ඇති අතර, අනතුරුව සිදුවීම සිදුව ඇති බව ප්‍රදේශවාසින් පැවසූවේ.


පසුගිය 22 වැනිදා දරුවා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති අතර අනතුරුව වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් යාපනය රෝහලට ඇතුළත් කොට තිබු බවද පොලිසිය සඳහන් කළා.


දරුවා රෝහල්ගත කළ දිනයේ සිට දරුවාගේ ලොකු තාත්තාගේ පුතෙකු වන 17 හැවිරිදි තරුණයෙකු අතුරුදහන්ව ඇති බවද පොලිසිය පැවසුවේ.


කිලිනොච්චිය ආරක්ෂක අංශ පැවසූවේ දරුවාගේ මරණය සම්බන්ධයෙන් යාපනය රෝහල් අධිකරණ වෛද්‍ය  නිළධාරිවරයාගේ ප්‍රධානත්වයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා ඇති අතර, එහිදි අනාවරණය වි ඇත්තේ මොට ආයුධයකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් සිදුවු අභ්‍යන්තර රුධිර වාහන තත්වයක් මත මරණය සිදුව ඇති බවයි.


සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

No comments

Ads Place