Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

හඳුනාගත් දුම්රිය ස්ථාන සහ ඓතිහාසික බලකොටු සංචාරක ආකර්ෂණීය ස්ථාන ලෙස සංවර්ධනය කිරීමට පියවර

  හඳුනාගත් දුම්රිය ස්ථාන සහ ඓතිහාසික බලකොටු සංචාරක ආකර්ෂණීය ස්ථාන ලෙස සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. මේ වසරේ ඒ සඳහා රුපියල් මිලියන 16...

 


හඳුනාගත් දුම්රිය ස්ථාන සහ ඓතිහාසික බලකොටු සංචාරක ආකර්ෂණීය ස්ථාන ලෙස සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.


මේ වසරේ ඒ සඳහා රුපියල් මිලියන 162ක් වෙන් කර ඇති බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළා.


ඒ අනුව බණ්ඩාරවෙල හා නානුඔය දුම්රිය ස්ථානත් මන්නාරම, කල්පිටිය හා මඩකලපුව යන ඓතිහාසික බලකොටුත් සංවර්ධනය කෙරෙන බව ඇමතිවරයා ප්‍රකාශ කළා.


සංචාරක අමාත්‍යංශය මඟින් මේ වනවිට දුම්රිය ස්ථාන 07ක් සංචාරක ආකර්ෂණීය ස්ථාන ලෙස සංවර්ධනය කිරීම ආරම්භ කර තිබෙනවා.


කළුතර, උණවටුන, බෙන්තොට, මහනුවර සහ මීගමුව මෙලෙස සංවර්ධනය කෙරෙන අතර මේ වසරේ බණ්ඩාරවෙල සහ නානුඔය දුම්රිය ස්ථාන සංවර්ධනය කිරීමට නියමිතයි.


දුම්රිය දෙපාර්තුමේන්තුව සමග එක්ව සංචාරක ආකර්ෂණීය දුම්රිය ස්ථානයක් ලෙස එය සිදුකිරීමට නියමිතයි.


දුම්රිය ස්ථාන ඉදිරිපස අලංකරණය, විවේක කාමර අලංකරණය, සංචාරක පහසුකම් මධ්‍යස්ථාන ඉදිකිරීම, නවීන ආසන පහසුකම් සැපයීම සහ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම මේ යටතේ සිදුකෙරෙන බව ඇමතිවරයා ප්‍රකාශ කළා.


දුම්රිය ස්ථාන සංවර්ධනය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 62ක් .


මීට අමතරව මේ වසර තුල මන්නාරම, කල්පිටිය හා මඩකලපුව ඓතිහාසික බලකොටු ප්‍රතිසංස්කරණය සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 100ක්.

මන්නාරම සහ මඩකලපුව පෘතුගීසි බලකොටු 1560 දී සහ 1628දී ඉදිකර ඇති අතර කල්පිටිය ලන්දේසී බලකොටුව ඉදි කර ඇත්තේ 1667දීයි.


මෙම බලකොටුවල ඓතිහාසික බව සුරක්ෂිත වන පරිදි අදාල ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් බව ඇමති ප්‍රසන්න රණතුංග සඳහන් කළා.


මෙම ප්‍රතිසංස්කරණ කටයුතුවලදී පුරාවිද්‍යාත්මක දෙපාර්තුමේන්තුවේ සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ද සහය ලබා ගන්නා බවයි ආමාත්‍යවරයා ප්‍රකාශ කළේ.  

No comments

Ads Place