Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ධීවර බලපත්‍ර උල්ලංඝනය කළ බහුදින ධිවර යාත්‍රාවක් අල්ලයි

  ධීවර බලපත්‍ර උල්ලංඝනය කරමින් වෙනත් රටකට අයත් දූපතකට ඇතුළුවු බව කියන ශ්‍රී ලාංකික බහුදින ධිවර යාත්‍රාවක් නැවත මවුබිමට පැමිණෙන අවස්ථාවේදී  එ...

 


ධීවර බලපත්‍ර උල්ලංඝනය කරමින් වෙනත් රටකට අයත් දූපතකට ඇතුළුවු බව කියන ශ්‍රී ලාංකික බහුදින ධිවර යාත්‍රාවක් නැවත මවුබිමට පැමිණෙන අවස්ථාවේදී  එම යාත්‍රාව සමග එහි  ස්කීපර් ඇතුළු හයදෙනකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා  ඊයේ 10  පස්වරුවේදි අත්අඩංගුවට ගත් බව ධිවර දෙපාර්තමේන්තුවේ මිරිස්ස ධිවර පරික්ෂක කාර්යාලය පවසනවා.

 

පසුගිය ජනවාරි  12 දින වැලිගම මිරිස්ස වරායෙන් ධීවර කටයුතු සඳහා පිටව ගිය බව කියන මෙම බහුදින ධිවර යාත්‍රාව සහ එම ධීවරයන් පිරිස මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.


ඔවුන් 37 -47 අතර වයසේ පසුවන මිරිස්ස සහ දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි අය බව සදහන්.


මෙම යාත්‍රාව පසුගිය දිනක බ්‍රිතාන්‍යට අයත් යුධ කදවුරක් ලෙස සැලකෙන දීයාගෝ ගර්ද්‍ය නැමැති දූපතට ඇතුළු වී ඇති අතර එහිදී එම රාජ්‍ය මගින්  ශ්‍රී ලංකාවේ ධීවර දෙපාර්තමේන්තුවේ  විමර්ශන අංශය වෙත දැනුම් දීමෙන් අනතුරුව මේ පිළිබඳව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබෙනවා.

 

ඒ අනුව අධිකරණ නියෝග මත එම බහුදින ධිවර යාත්‍රාව අත්අඩංගුවට ගැනීමට අදාළ විමර්ශන කටයුතු සිදු කර තිබෙනවා.   


එහිදී  එම යාත්‍රාව අද (10) දින වැලිගම මිරිස්ස ධිවර වරාය වෙත පැමිණෙන අවස්ථාවේදී  වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව යාත්‍රාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.


එම යාත්‍රාව සහ එම ධීවරයන් පිරිස  අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

No comments

Ads Place