Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වැඳගෙන එනවා දිනනකන්!! පස්සේ ඩෝසර් කරනවා!! – ගින්න බැලීමට ගිය මනෝට විරෝධතාවයක්!!

 මට්ටක්කුලිය ෆර්ගියුසන් පාර කජීමාවත්ත ප්‍රදේශයේ නිවාස පෙළක අද ඇති වූ ගින්නකින් නිවාස 30ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. අද අලුයම 2.30 ට පමණ ක...


 මට්ටක්කුලිය ෆර්ගියුසන් පාර කජීමාවත්ත ප්‍රදේශයේ නිවාස පෙළක අද ඇති වූ ගින්නකින් නිවාස 30ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.


අද අලුයම 2.30 ට පමණ කජීමාවත්ත නිවාස පෙළේ ගින්න හට ගෙන තිබුණි. කෙසේවෙතත් කිසිඳු ජීවිත හානියක් සිදු වී නොමැත.


සිද්ධිය සැලවීමත් සමග විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා එම ප්‍රදේශයට පැමිණ ගින්නෙන් වූ හානිය නිරීක්ෂණය කරන ලදි.


අනතුරුව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාද ගින්නෙන් හානි වූ නිවාස බැලීමට පැමිණි අතර එහිදී නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබුණි.


මනෝ ගනේෂන් මහතා පැමිණ, “වටේ තියෙන තට්ටු නිවාස ඔක්කොම අපි හැදුවේ. කලබල වෙන්න එපා දෙනවා අපි. අපේ ආණ්ඩුව නෙවෙයි නේ. නමුත් දෙනවා දැන්,” යනුවෙන් පැවසීමත් සමග එම උණුසුම් තත්ත්වය ඇති වී තිබුණි. කැලණි නදී විහාරයේ විහාරාධිපති පූජ්‍ය අකුරැස්සේ අරියසාගර හිමි පැවසුවේ,”මන්ත්‍රීතුමා මේක දෙන්න තිබුණු කාලය දැන් ඉතින් පහු වුණා. ඒ කාලේ දුන්නේ නෑ නේ,” යනුවෙනි.


“ඔක්කොම වැඳගෙන එනවා ගන්නකං. ඊට පස්සේ ඩෝසර් දාලා කැඩුවේ,” යැයි ප්‍රදේශවාසීන් පවසයි.


noizetv

No comments

Ads Place