Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා ලේකම් ධුරයේ වැඩ භාරගනී

  පසු ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන, ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ නව ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ...

 


පසු ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන, ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ නව ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා අද (09) සිය ධූරයේ වැඩ භාරගත්තා.


සෞඛ්‍ය සේවයේ වසර 34 ක සේවා පළපුරුද්දකින් සහ සෞඛ්‍ය පරිපාලන සේවයේ අවුරුදු 24 ක සේවා පළපුරුද්දකින් යුත් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා  මීට පෙර ප්‍රථමික සෞඛ්‍ය  සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කර තිබෙනවා.


පේරාදෙනිය වෛද්‍ය පීඨයෙන් MBBS ගෞරව උපාධියක් සහිතව වෛද්‍ය වෘත්තියට පිවිසි ඔහු MB වෛද්‍ය පරිපාලන ගෞරව උපාධියද, London of Economics විශ්ව විද්‍යාලයේ  Health Economics & Physical Science ශාශ්‍රපති උපාධියද ලබා ගෙන තිබෙනවා.

No comments

Ads Place