Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාස්කු ප‍්‍රහාරයේ වගකීම බාරගත් සජිත්ට දඬුවම් කරන්නැයි ඉල්ලයි..

  පාස්කු ප‍්‍රහාරයේ වගකීම විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා භාර ගන්නවා නම් ඔහුට දඬුවම් දීම සිදුකළ යුතු යැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත...


 පාස්කු ප‍්‍රහාරයේ වගකීම විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා භාර ගන්නවා නම් ඔහුට දඬුවම් දීම සිදුකළ යුතු යැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

විපක්ෂ නායක හෝ වෙනත් පුද්ගලයකු තමන් වරදක් කළ බව භාර ගන්නවා නම් අධිකරණයේ විනිසුරුවරයකුට හෝ එම පුද්ගලයා නිවැරදිකරු යැයි ප‍්‍රකාශ කළ නොහැකි බව තමන් දන්නා නීතිය යැයි ඒ මහතා පැවසීය. හෙතෙම මේ බැව් පැවසූවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීවේය.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප‍්‍රහාරයේ වගකීම භාරගත යුතු බවට අද පමණක් නොවෙයි එදා ඉඳලාම මම ප‍්‍රකාශ කළා. සජිත් පේ‍්‍රමදාස මහතා එහි වගකීම භාර ගන්නවා කියා තිබෙනවා නම් ඔහුට දඬුවම් පැමිණවීම කළ යුතුයි. මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග ළඟින්ම හිටපු අය එහි වගකීම භාර ගන්නවා නම් එහි වරදක් මම දකින්නේ නැහැ. අපේ පක්ෂයේ සමහරු ‘ඩබල් ගේම්’ ගහගෙන හිටියා. සාමාන්‍යයෙන් අපරාධයක් වුණාම අපරාධකාරයා එම වරදෙන් ගැලවෙන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් අපරාධයක් වුණාම වරද භාර ගන්නවා දැක්ක ප‍්‍රථම අවස්ථාව මෙයයි. සාමාන්‍යයෙන් මිනිස්සු සියදිවි හානි කර ගන්නවා. නමුත් තමන් විසින් තමන්ට ද`ඩුවම් කර ගන්නවා දැක්ක පළමු අවස්ථාව ලෙසයි මෙය මා දකින්නේ.

මේ ආණ්ඩුව බලයට පැමිණියේ බැඳුම්කර වංචාවේ හොරු අල්ලනවා කියලා. බැඳුම්කර වංචාවේ පාඩුව බිලියන 11ක් ලෙසයි ප‍්‍රකාශ කර තිබුණේ. ඒක පාඩුවක් නොවෙයි. එම මුදල් අය කර ගැනීමට අවශ්‍ය නම් බිලියන 12 ක වත්කම් රඳවාගෙන තිබෙනවා. හොරු අල්ලන්න ආපු මේ ආණ්ඩුව සීනි බදු වංචාවක් තුළින් ගජ මිතුරෙකුට රුපියල් බිලියන 16ක වාසියක් ලබා ගන්න ඉඩ දීලා තියෙනවා. මේ වාසිය ආණ්ඩුවේ ඇතැම් අයටත් බෙදී යන්න ඇති කියා අපි හිතනවා. බදු වංචාව කළ ගජ මිතුරාට සීනි කිලෝවක් සඳහා ශත 25ක බදු ද අනිත් සීනි ව්‍යාපාරිකයින්ගෙන් රුපියල් 50ක බද්දක් ද අය කර ගෙන තිබෙනවා. බදු අඩු කරා කියා එහි වාසිය ජනතාවට ලැබුණේ නැහැ. ඒ නිසා රජය වහාම මෙම වංචාවේ සුලමුල රටට හෙළි කළ යුතුයි. කාට කාට මුදල් ලැබුණාද කියා ජනතාවට ප‍්‍රකාශ කළ යුතුයි.

No comments

Ads Place