Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලොව ජයගන්න ගිය දේශීය කුරුඳු සිගරැට්ටුවට දුම්කොළ අධිකාරිය එරෙහි වෙයි… නතර කරන්නැයි ලිඛිතව දන්වයි..

  නව රැකියා ලක්ෂයක් පමණ උත්පාදනය කරමින් වසරකට ඩොලර් බිලියනයක පමණ අපනයන ආදායමක් රටට ගෙන ඒමට ඉලක්ක කර තිබෙන කුරුඳු සිගරැට් නිෂ්පාදනය වහාම නතර ...

 


නව රැකියා ලක්ෂයක් පමණ උත්පාදනය කරමින් වසරකට ඩොලර් බිලියනයක පමණ අපනයන ආදායමක් රටට ගෙන ඒමට ඉලක්ක කර තිබෙන කුරුඳු සිගරැට් නිෂ්පාදනය වහාම නතර කරන්නැයි ලිඛිතව එම දේශීය නිෂ්පාදන සමාගමට දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය දැනුම් දුන්බව අධිකාරියේ සභාපතිවරයා වන වෛද්‍ය, ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

“මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය, දුම්කොළ සහ මද්‍යසාර වලින් ආරක්ෂා කිරීමේ වගකීම අපගේ අධිකාරියට තිබෙනවා. අපේ පනතේ 2006 ඉඳලම තිබෙනවා, දුම්කොළ නිෂ්පාදනයක් සේ දර්ශනය වන දුම්කොළ නිෂ්පාදනයක් නොවන යම් ද්‍රව්‍යයක් කිසියම් තැනැත්තෙකු විසින් නිෂ්පාදනය කිරීම හෝ විකිණීම, විකිණීම සඳහා ආනයනය කිරීම හෝ නොමිලේ බෙදාහැරීම නොකළ යුතුය කියා. එම පනත පදනම් කරගෙන තමයි අපි කුරුඳු සිගරැට් නිෂ්පාදනය නතර කරන්නැයි ලිඛිතව එම සමාගමට දැනුම් දුන්නේ.“

දේශීය සමාගමක් නවෝත්පාදනයක් කරමින් රටේ ආර්ථිකය නැංවීමට දායකත්වයක් දැක්වීමට සූදානම් වෙද්දී බහු ජාතික සිගරැට් සමාගම් වල වුවමනාවට මෙම ව්‍යාපෘතිය නතර කිරීමට දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය කටයුතු කරමින් ඇතැයි චෝදනාවක් යමෙකුට එල්ල කළ හැකියැයි මෙම සාකච්ඡාවේදී මතුවී ඇති අතර එයට දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවරයා පිළිතුරු ලබාදී ඇත.



No comments

Ads Place