Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඞ් නිසා විභාග අපේක්ෂකයින්ට අලූත් කොන්දේසි

 2020 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වනවා. එය ලබන 10වනදා දක්වා පැවැත්වීමට නියමිතයි‘. මෙලෙස අද ආරම්භ වන්නේ ඉකුත් දෙසැ...


 2020 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වනවා. එය ලබන 10වනදා දක්වා පැවැත්වීමට නියමිතයි‘. මෙලෙස අද ආරම්භ වන්නේ ඉකුත් දෙසැම්බර් මාසයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ සාමාන්‍ය පෙළ විභාගයයි. එහෙත් කොවිඞ් දෙවන රැල්ලේ අවධානම හේතුවෙන් එම සැලසුම් කල් දැමීමටයි සිදු වුණේ. ඒ අනුව අද සිට මධ්‍යස්ථාන 4,513ක සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙනු ඇති. ඒ වෙනුවෙන් ස්ථාපිත සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සංඛ්‍යාව 542ක්. 


කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් සෑම දිස්ත‍්‍රික්කයකටම මධ්‍යස්ථාන 2 බැගින් විශේෂ මධ්‍යස්ථාන 40කට ආසන්න ප‍්‍රමාණයක් මෙවර පිහිටුවීමට තීරණය කර ඇත්තේ පළමු වරටයි. ඒ ඇති විය හැකි හදිසි තත්ත්වයකට මුහුණ දීමේ අරමුණින්. ඒ අනුව එම විශේෂ මධ්‍යස්ථාන, කොවිඞ් ආසාදිත වු විභාග අපේක්ෂකයින් සඳහා වෙන් කරනු ඇති. 


විභාග කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේද සහය ලබා ගැනීමට නියමිතයි. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන සියලූ විභාග මධ්‍යස්ථාන ඊයේ විෂබීජහරණය කර සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වයට පත් කිරීමටද කටයුතු කෙරුණා. 


මෙවර විභාගය සඳහා පෙනීසිටීමට නියමිත අපේක්ෂකයින් ගණන හය ලක්ෂ 22,352 දෙදෙනෙක්. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත නෙත් නිවුස් වෙත පැවසුවේ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර ඇති බවයි.




Asset Radio · EXAM SANATH 01

විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ පවතින අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් විභාගය සාර්ථක කර ගැනීම සඳහා ආරක්ෂක අංශ සහයද ලබා ගන්නා බවයි. 


මෙවර විභාගය පැවැත්වෙන්නේ වෙනත් වසරවලට සාපේක්ෂව වෙනත්ම පසුබිමක් යටතේයි. ඒ අනුව මෙවර අපේක්ෂකයින්ට මුහුණ දීමට සිදුවන අලූත් අත්දැකීම් මොනවාද?


විනාඩි 45කට පෙර විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙනවා සේම අපේක්ෂකයින් කළ යුතු සහ නොකළ යුතු කටයුතු සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පල කෙරුණා.


මේ අතර අද පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට බන්ධනාගාර රැඳවියන් හතර දෙනෙකු ද පෙනී සිටිනවා. ඔවුන් වෙනුවෙන් බොරැල්ලේ පිහිටි මැගසින් බන්ධනාගාරයේ විශේෂ විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. 


විභාගයට පෙනී සිටින්නේ පල්ලෙකැලෙ බන්ධනාගාරයේ රඳවා සිටින  රැඳවියන් දෙදෙනෙකු සහ මැගසින් බන්ධනාගාර රඳවා සිටින රැඳවියන් දෙදෙනෙක්. විභාගයට පෙනී සිටින පල්ලෙකැලෙ බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මැගසින් බන්ධනාගාරයට රැගෙන ආ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.

No comments

Ads Place