Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එජාපය අතැර සමගි ජන බලවේගයට ගිය මන්ත්‍රීවරු සමාව ඉල්ලා නැවත එජාපයට එක්වෙයි

 එක්සත් ජාතික පක්ෂය හැර ගොස් සමඟි ජන බලවේගයට ඒක් වූ ප්‍රාදේශීය සභා නියෝජිතයන් නැවත පක්ෂයට එක් කර ගැනීමට ඒජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර ත...


 එක්සත් ජාතික පක්ෂය හැර ගොස් සමඟි ජන බලවේගයට ඒක් වූ ප්‍රාදේශීය සභා නියෝජිතයන් නැවත පක්ෂයට එක් කර ගැනීමට ඒජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර තිබේ.


ඒ අනුව සමඟි ජන බලවේගයට එක් වූ පළාත් පාලන මන්ත්‍රීවරු 44 දෙනකු සමාව ඉල්ලා නැවත පක්ෂයට එක් වීමට කළ ඉල්ලීමට ඒකඟතාව හිමිව ඇති අතර විනය පරීක්ෂණවලින් පසුව තවත් පළාත් පාලන නියෝජිතයන් 18 දෙනකු පක්ෂයෙන් නෙරපීමට විනය කමිටුව ගත් තීරණයටද කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය හිමි විය.


පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 9දා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස් වූ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් මේ තීරණයට එළඹ තිබේ.


පක්ෂයේ ක්‍රියාකාරී කටයුතුවලින් ඈත් වී සිටි රවි කරුණානායක, අර්ජුන රණතුංග, ලක්ෂ්මන් විජේමාන්න, නවීන් දිසානයක යන මහත්වරුද මෙවර කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම සඳහා සහභාගි වී තිබීම විශේෂත්වයක් විය.

No comments

Ads Place