Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

චක‍්‍රලේඛයක් නිසා වැඩිහිටි සහ ළමා නිවාසවලට දාන නොලැබෙන තත්ත්වයක්…

  දකුණු පළාත් සමාජ සේවා කොමසාරිස්තුමා විසින් නිකුත් කළ චක්‍රලේඛයක් හේතුවෙන් දකුණේ වැඩිහිටි සහ ළමා නිවාසවලට දාන නොලැබෙන තත්ත්වයක් උදා වී ඇතැය...

 


දකුණු පළාත් සමාජ සේවා කොමසාරිස්තුමා විසින් නිකුත් කළ චක්‍රලේඛයක් හේතුවෙන් දකුණේ වැඩිහිටි සහ ළමා නිවාසවලට දාන නොලැබෙන තත්ත්වයක් උදා වී ඇතැයි එම ළමා නිවාස වලට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

රටේ පවතින කොරෝනා වසංගතය නිසා මෙම නිවාසවලට දානය දීමට එන පිරිස ඇතුල්කර නොගන්නා ලෙස එම චක්‍රලේඛනයෙන් දන්වා තිබේ. සෑම නිවාසයකම ගේට්ටුවලට ඉබි යතුරු දමා වසාගෙන තිබෙන අතර දානය දෙන උදවියට දානය ගෙනැවිත් ගේට්ටුව ළඟට දී යාමට සිදු වී ඇත. ඇතැම් දෙනාට නිවාස ඇතුළට පැමිණ තමන්ගේ අතින්ම වැඩිහිටියන්ට හා ළමුන්ට දානය  පිළිගන්වා ඒ අයගේ මුවින් සිය ඥාතීන්ට පින් අනුමෝදන් කරවා ගැනීමට තිබූ අවස්ථාව මේ මගින් ඇහිරී තිබීම හේතුවෙන් දානය දීමට බොහෝ දෙනා මැලිකමක් දක්වන බවද කියති.

මේ නිසා ඇතැම් වැඩිහිටි නිවාසවලට සමහර දිනවලදී දවස පුරාම දානය නොලැබෙන  අතර දාන වේල එක දෙක නැති අවස්ථා වැඩි ප්‍රමාණයක් තිබෙන බවද ළමා හා වැඩිහිටි නිවාස වලින් දැනගන්නට ඇත.

මේ පිළිබඳව දකුණු පළාත් සමාජ සේවා කොමසාරිස් මහේෂ් රාජිත කරුණානායක මහතාගෙන් විමසූ විට මෙසේ කීය.

පසුගිය දවස්වල වැඩිහිටි නිවාසයකට කොරෝනා රෝගය වැළඳී තිබුණා. නිවාසවල සිටින අසරණ වැඩිහිටියන් සහ දරුවන් රැකගැනීමේ චේතනාවෙන් මේ චක්‍රලේඛය නිකුත් කළේ. නිරෝධායන පනත හා සෞඛ්‍ය පනත ඉතා බලවත් එකක්. ඒ පනතට අනුවයි අපට වැඩකරන්න සිදුවී තිබෙන්නේ.  කොවිඩ් එන්නත ඉක්මනින්ම දකුණේ වැඩිහිටි නිවාසවලට හා ළමා නිවාසවලට ලබාදෙන ලෙස ඉල්ලා තිබෙනවා. එය ඉක්මනින්ම ලැබේවි. දාන වේලක් දෙකක් නැති වූණා කියල කවුරුවත් මැරෙන්නේ නැහැ. නමුත් කොරෝනා රෝගය වැළඳුණොත් වැඩිහිටියන්ගේ ජීවිත නැතිවෙන්න පුඵවන්. එවිට කිසිම කෙනෙක් දානය දෙන්න තියා නිවාස දෙස බලන්නෙවත් නැතිවේවි. දානය දෙන පින්වතුන් පවා පවතින මේ වසංගත තත්ත්වය තේරුම් ගෙන ක්‍රියාකරනවානම් හොඳයි. මේ පිළිබඳව කිහිප දෙනෙක් තමාගෙන් විමසා  සිටියා. මම ඒ අයටත් කරුණු පැහැදිලි කරදුන්නා. ඉදිරියේදී සමාජ සේවා නිලධාරීන් මගින් මෙම නිවාසවල වාර්තාවක් ගෙන්වාගෙන සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා බවද කීය.

No comments

Ads Place