Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බෝම්බ තොගයක් සොයාගනියි…

  මුලතිව් චලෙයි ප්‍රදේශයේ කැලෑවක සඟවා තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත්යැයි සැකකෙරෙන බෝම්බ තොගයක් (06) සොයාගත් බවට මුලතිව් පොලිස් විශේෂ කාර් ...


 මුලතිව් චලෙයි ප්‍රදේශයේ කැලෑවක සඟවා තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත්යැයි සැකකෙරෙන බෝම්බ තොගයක් (06) සොයාගත් බවට මුලතිව් පොලිස් විශේෂ කාර් ය බලකා කඳවුර පවසයි.

මුලතිව් පොලිස් විශේෂ කාර් ය බලකා කඳවුරට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි නිලදාරීන් පිරිසක් විසින් චලෙයි ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී අදාල බෝම්බ තොගය සඟවා තිබියදී සොයාගනු ලැබීය.

එහිදී ආර්. පී.ඩී. උණ්ඩ 06 ක්, මිලිමීටර් 81 මෝටාර් උණ්ඩ 01 ක්, මිලිමීටර් 60 මෝටාර් උණ්ඩ 06 ක්, පුද්ගල නාශක පීඩිණ බෝම්බ එකක්, හඳුනා නොගත් බෝම්බ 04 ක් මෙලෙසෙ සඟවා තිබියදී සොයාගෙන ඇත.

යුද සමයේදී කොටි සංවිධානය විසින් මතු ප්‍රයෝජනයන් සඳහා මෙම බෝම්බ තොගය මෙලෙස සඟවා තබන්නට ඇති බවට පොලිස් විශේෂ කාර් ය බලකා නිලධාරීන් සැක පල කර සිටියි.

සොයා ගත් බෝම්බ තොගයන් නිශ්ක්‍රීය කිරීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට මුලතිව් පොලීසියට භාර දීමට මුලතිව් පොලිස් විශේෂ කාර් ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් පියවර ගනු ලැබීය.

No comments

Ads Place