Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යහපාලන ආණ්ඩුව පොලිසියට, අධිකරණයට බලපෑම් කලා.. මේ අපේ ආණ්ඩුව එහෙම කරන්නේ නෑ..

  වත්මන් රජය යහපාලනය මෙන් පොලීසියට හා අධිකරණ ක්‍රියාවලියට බලපෑම් නොකරන බවත් එම ආයතනයන්ට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ ප්‍රස්ථාව සලසා දී ඇති බව ග...

 


වත්මන් රජය යහපාලනය මෙන් පොලීසියට හා අධිකරණ ක්‍රියාවලියට බලපෑම් නොකරන බවත් එම ආයතනයන්ට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ ප්‍රස්ථාව සලසා දී ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ වත්තල, දික්ඕවිට පැවති පාලම් ව්‍යාපෘතියකට සහභාගී වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,

මහ බැංකු වංචාව මෙන්ම පාස්කු ප්‍රහාරයේ වැරදි කරුවන්ට රටේ පවතින නීතිය අනුව දඩුවම් ලබා දීමට කටයතු කරනවා. යහ පාලනය මෙන් දේශපාලන පලි ගැනීම් සිදු කරන්නේ නැහැ. අසාද් සාලී වැනි පුද්ගලයින් උත්සහ ගන්නේ විවිධ අන්තවාදී අදහස් ප්‍රකාශ කරමින් ජාතික සමගියට බාධා කරමින් සිය දේශපාලන වාසි ලබා ගැනීමටයි. රටේ සියලු පුරවැසියන් රටේ පවතින නීතියට අනුව කටයුතු කළ යුතුයි. කවුරුන් හෝ රටේ නීතිය උල්ලංඝණය කරමින් කටයුතු කරනවානම් ඔවුනට නීතිය ක්‍රියාත්මක කල යුතුයි. එවැනි පාර්ශවයන් දේශපාලනමය වශයෙන්ද පරාජය කළ යුතුයි. අන්තවාදය පෝෂණය කිරීමට වත්මන් රජය කිසිසේත් ඉඩ තබන්නේ නැහැ.

අපිට මතකයි පසුගිය යහ පාලන රජය පොලිසීය හා අධිකරණ ක්‍රියාවලියට බාධා කරමින් දේශපාලන වාසි ලබා ගැනීම සදහා එම ස්වාධීන ආයතන වලට බලපෑම් කළා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ මේ රජය එම ආයතන වලට කිසිදු බලපෑමක් කරන්නේ නැහැ. පාස්කු ප්‍රහාරය පිළිබද කොමිෂන් වාර්තාව නීතිපතිතුමාට යොමු කරලා තිබෙනවා. ඒ අනුව එතුමා එහි ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇති බවට අපට විශ්වාසයක් තිබෙනවා.

මහ බැංකු බැදුම්කර වංචාව හා පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම රජයේ අරමුණ බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

lankacnews

No comments

Ads Place