Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හිරුණිකා මවුකිරි දෙන්න අධිකරණයේ වෙනම තැනක් ඉල්ලයි.. දරුවාට මවුකිරී දීම නිසා වරෙන්තු වෙලා.

  අධිකරණය හමුවේ විභාගවන නඩුවකට පෙනී සිටීමට ප්‍රමාදවීම හේතුවෙන් වරෙන්තු නිකුත් කිරීම ගැන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර...

 


අධිකරණය හමුවේ විභාගවන නඩුවකට පෙනී සිටීමට ප්‍රමාදවීම හේතුවෙන් වරෙන්තු නිකුත් කිරීම ගැන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබා තිබේ.

එමගින් ඇය සඳහන් කරන්නේ තමන්ට එම ප්‍රමාදය සිදුවූයේ තම මාස එක හමාරක් වයසැති දරුවාට මවුකිරි දීම සඳහා තම වාහනයේ රැඳී සිටීම නිසා බවයි.

එනිසා කිරි දෙන මව්වරුන්ට අධිකරණය තුළ එම කටයුතු සිදුකරගැනීමට අවශ්‍ය ඉඩ පහසුකම් සලසා දෙන්නැයි අධිකරණ අමාත්‍යවරයාගෙන් ද ඇය ඉල්ලා සිටියි.

අද දින මහාධිකරණයේ මා සම්බන්ධයෙන් නඩු නිමිත්තක් පැවති අතර ගරු විනිසුරුතුමන් නඩුව කැඳවන අවස්ථාවේදී මා අධිකරණ භූමියේ මාගේ රථය තුල මගේ මාස 1 1/2 ක කුඩා බිලිඳියට කිරි ලබා දෙමින් සිටිය අතර එම අවස්ථාවේ අධිකරණ තුල නොසිටි නිසා ගරු විනිසුරුතුමන් මා හට වරෙන්තු නිකුත් කර ඇත.

පසුව මාගේ නීතිඥතුමිය, නඩුව කැඳවන අවස්ථාවේ අධිකරණය තුල නොසිටීමට හේතු පැහැදිලි කල පසු ගරු විනිසුරුතුමන් මා හට නිකුත් කල වරෙන්තුව අවලංගු කරන ලදී. එහිදී ගරු විනිසුරුතුමන් ප්‍රකාශ කලේ මින් පෙර කෙදිනකවත් උසාවිය මග හැර නොමැති බැවිනුත් අද දින අධිකරණ තුල නොසිටි හේතුවද සැලකිල්ලට ගනිමින් වරෙන්තුව අවලංගු කරන බවය.

කෙසේ හෝ අධිකරණ භූමිය තුල මවකට තම දරුවා තබා ගැනීමට, දරුවාට කිරිදීමට හා දරුවාගේ කටයුතු කිරීම සඳහා සුදුසු ස්ථානයක් නොමැති බැවින් එදිනෙදා කාන්තාවන් විශාල අපහසුතාවන්ට ලක්වෙනවා මා දැක ඇත.

ගරු අධිකරණ අමාත්‍යතුමාගෙන් මා ඉල්ලා සිටින්නේ අධිකරණය තුල යම් ඕනෑම කටයුත්තක් සඳහා සහභාගි වන කුඩා දරුවන් රැගෙන යන මව්වරුන් වෙනුවෙන් යම් ස්ථානයක් වෙන් කර දීමට කටයුතු කරන ලෙසය. ස්තූතියි

No comments

Ads Place