Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බේරුවල ජල පාරිභෝගිකයන්ගේ පානීය නළ ජලයට ලවණ මුසුවෙයි

  බේරුවල ජල පාරිභෝගිකයන්ගේ පානීය නළ ජලයට ලවණ මුසු වීම හේතුවෙන් ගැටළු රැසක් මතුව ඇති බව එම ප්‍රදේශවාසීන් පවසනවා. ඒ අනුව බේරුවල ප්‍රාදේශීය ලේක...

 


බේරුවල ජල පාරිභෝගිකයන්ගේ පානීය නළ ජලයට ලවණ මුසු වීම හේතුවෙන් ගැටළු රැසක් මතුව ඇති බව එම ප්‍රදේශවාසීන් පවසනවා.


ඒ අනුව බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයට අයත් බේරුවල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සීමාවේ ග්‍රාම නිලධාරි වසම් 52 ක සහ බේරුවල නගර සභා බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් 10ක් ඇතුළු ග්‍රාම නිලධාරී වසම් 62ක දස දහස් ගණනක ජනතාව මේ දිනවල පානය කරන නල ජලයට දැඩි ලවණ තත්ත්වයක් මුසු වීමෙන් එම ජලය පානය කිරීමට නොහැකි වී ඇති බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.  


ජාතික ජල සම්පාදන මණ්ඩලය කළු ගඟෙහි කෙත්හේන ජල පොම්පාගාරයෙන් බෙදාහරින පානීය ජලයට මෙවරත් ලවණ මුසු වීමෙන් මෙම තත්ත්වය හටගෙන ඇති අතර මුදල් ගෙවා ජල මණ්ඩලයෙන් ජලය ලබා ගන්නා ජල පාරිභෝගිකයන් ලක්ෂ 2 කට වැඩි පිරිසක් වාර්ෂිකව වරක් දෙවරක් මෙම ගැටළුවට මුහුණ දෙන බව අප වාර්තාකරු ප්‍රකාශ කළේ.  


මේ පිළිබඳ බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා නිලධාරී තරිඳු රණවීරගෙන් කළ විමසීමේදී ඒ ඔහු කියා සිටියේ බේරුවල ග්‍රාම නිලධාරි වසම් 62 ආවරණය වන පරිදි ජල ටැංකි ස්ථාපිත කර බවුසර් මගින් ජලය බෙදා හැරීමට කටයුතු සූදානම් කර ඇති බවයි.


තවද මේ වන විට බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත් වීමෙන් ජල මණ්ඩලයේ අළුත්ගම සහ පයාගල කාර්යාල මගින් අද (10) වන විට ග්‍රාම නිලධාරි වසම් කිහිපයකට ජල ටැංකි පනස් තුනක් ස්ථාපිත කර බවුසර් මගින් ජලය සැපයීම ආරම්භ කර ඇති බවත් හා ඉදිරියේදී අනෙකුත් ප්‍රදේශ සඳහා ජල සැපයුම ක්‍රියාත්මක කරන බවත් ඔහු ප්‍රකාශ කළා.


මේ පිළිබඳව බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් සදහන් කළේ ග්‍රාමීය මට්ටමින් සෙසු ප්‍රදේශවලට ද ජලය බෙදා හැරීම සදහා බේරුවල ප්‍රාදේශීය සභාවට හා බේරුවල නගර සභාවට නව ජල බවුසර් දෙකක් ලබා දී ඇති බවයි.

No comments

Ads Place