Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාස්කු බොම්බ කොමිසම් අනිත් වාර්තාව කොහෙද කියලා කවුරුවත් දන්නේ නෑ..- ජොන්ස්ටන්

  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ආර්ථික පුනර්ජනනීය හා දරිද්‍රතාවය පිටු දැකීම සදහා වන ජනාධිපත...

 


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ආර්ථික පුනර්ජනනීය හා දරිද්‍රතාවය පිටු දැකීම සදහා වන ජනාධිපති විශේෂ කාර්‍ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් පරිදි “අපේ ගමේ අපේ කඩේ” තේමාව යටතේ ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව දිවයිනේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 14,022 හි තෝරාගත් එක් මාර්ගයක් සංවර්ධනයේදී නිවසක් හා එයට යාබදව ව්‍යාපාරික ස්ථානයක් ඉදිකිරීමේ කලුතර දිස්ත්‍රික් සමාරම්භක උත්සවය (08) පයාගල දුම්රිය ස්ථානය අසලින් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

මෙහිදි අදහස් දැක්වූ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා…

අද අපේ ගමේ අපේ කඩේ එහෙම නැත්නම් බැසිල් ඇමතිතුමාගේ හැමවෙලේම කියන විදිහට Home Shop ව්‍යාපෘතියට අද පයාගල දුම්රියපල අසල මුල්ගල තියන්න අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙනවා. ලෝක කාන්තා දිනය අද. මෙම ව්‍යපෘතිය ආරම්භ කිරිම සදහා සුදුසුම කාන්තාවක් මෙහෙන් තෝරගෙන තියෙන්නෙ කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මේ නිවස සහ කඩය අපි බලාපොරොත්තු වෙනවා එන සිංහල අවුරුද්දට කලින් අවසන් කරන්න. ඒකට තියෙන්නේ දවස් 35යි. මම ඉල්ලීමක් කෙරුවා නිලධාරීන්ගෙන් මේක හදලා සිංහල අවුරුද්ද වෙනකොට මේ කඩේ සහ නිවස විවෘත කරන්න කියලා. ස්වභාවධර්මය අභියෝගයක් වුනේ නැත්නම් මම හිතනවා මේක හදන්න පුළුවන් කියලා. මේ සදහා ලක්ෂ තිස් හයක් වෙන් කරලා තියෙනවා. අපි ආණ්ඩුවක් හැටියට දින වකවානු වලට මේක අවසන් කරන්න ලැබෙන්න කියලා මම සුබ පතනවා. අපේ ජනාධිපතිතුමාට ආර්ථික වශයෙන් අමාරුවේ වැටුණු රටක් තමයි ලැබුණේ. 2015දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජය වන විට අපේ රටේ ආර්ථික වර්ධන වේගය චීනයට පමනයි දෙවැනි වුනේ. ණය අරගෙන ණය වලින් වැඩ කරපු රටක් අපි බාර දුන්නේ. ආරක්ෂාව අතින් ජනතාවගේ ආරක්ෂාව තිතට ආරක්ෂා කරලා දුන්න රටක් අපි භාරදුන්නේ. මහා භාණ්ඩාගාරයේ ඇතිවෙන්න සල්ලි තිබිච්ච, මහ බැංකුවේ ඇතිවෙන්න සල්ලි තිබිච්ච රටක් අපි භාරදුන්නේ. සල්ලි තිබුන නිසා තමයි මාස තුනෙන් මහ බැංකුව හොරා කෑවේ. දුප්පත් වෙලා තිබුණ නම් මහ බැංකුව හොරා කන්න සල්ලි තිබෙන්නේ නැහැ නේ.

විපක්ෂය දැන් කියනවා එක රටක් එක නීතියක් නෙවෙයි කියලා. පාස්කු ප්‍රහාරයේ අයට දඬුවම් කරලා නැහැ කියලා. එදා කාදිනල් හිමිපාණන්ට නින්දා අපහාස කරපු අය අද කාදිනල් හිමිපාණන්ගේ ලෝගුවේ එල්ලිලා දේශපාලනය කරන්න හදනවා. ඒක තමා ඇත්ත තත්ත්වෙ. කාදිනල් හිමිපානණන් පාර්ලිමේන්තුවෙ සිටින කතෝලික මන්ත්‍රිවරුන්ට උපදෙස් දුන්නා පාස්කු ප්‍රරහාරය සම්බන්ධයෙන් කොමිසමක් පත් කරන්න කියලා. කතෝලික මන්ත්‍රිවරුන් හැටියට අපි ඒදා ලිඛිතව කරපු ඉල්ලීමට තමයි ජනාධිපතිතුමා ඒ කොමිසම පත් කළේ. කොමිසම පත්කරන්න කලින් පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් තිබුණේ. ඒ තේරීම් කාරක සභාවේ සාධාරණත්වයක් දැක්කෙ නැහැ. ඒ තේරීම් කාරක සභාවේ හිටියේ රවුෆ් හකීම්ලා. රවුෆ් හකීම්ට තිබ්බෙ ප්‍රධාන චෝදනාව තමයි පක්ෂයේ හිටපු සාමාජිකයින් ඒ ත්‍රස්තවාදීන් එක්ක ෆොටෝ ගහලා. ජනතා විමුක්ති පෙරමුනට විශාල චෝදනාවක් ඊබ්‍රහිම්. ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයා. ජනතා විමුක්ති පෙරමුණට විශාල වශයෙන් මුදල් දුන්නෙ ඊබ්‍රහම්. ඊබ්‍රහම්ගෙ දරුවො ටික ගිහිල්ල බෝම්බ පත්තු කරද්දී ඒව ගැන හොයන්න ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු වාඩිවෙලා ඉන්නවා පාර්ලිමේන්තුවේ.

ඒ නිසා තමා කාදිනල් හිමිපාණන්ට මේ කෙරෙහි විශ්වාසයක් නැත්තෙ. ඒ නිසා තමයි කොමිෂමක් ඉදිරිපත් කරන්න කිව්වේ. ඒ කොමිසම තමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඒදා දැම්මෙ. දැන් ඒකෙ වාර්තාව තවම සමහරු 25% ක් වත් කියලා නැහැ. මං දැක්කා කාදිනල් හිමිපාණන් කියනවා තාම අධ්‍යයනය කරනවා. තාම කියවනවා කියලා. අපිට දීල තියෙන එක අපි තාම කියවනවා. මාස ගාණක් යයි මේක කියවලා ඉවර කරන්න. මේ කොමිසම් වාර්තාව ආපු ගමන් ජනාධිපතුමා මේක දැම්මෙ කෙලින්ම කැබිනට් එකට.

වාර්තාව තිබුණෙ ඉංග්‍රීසියෙන්. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න සිංහල පරිවර්තනය අවශ්‍යමයි. නැතිනම් ඒක පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප වෙනවා. දවස් විසි ගණනක් යනකොට මේ වාර්තාව සිංහල පරිවර්තනය කැබිනට් එකට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. පළවෙනි වතාවට මෙහෙම වාර්තාවක් ආවේ. අනිත් වාර්තාව කොහෙද කියලා කවුරුවත් දන්නේ නැහැ. දැන් ඒ වාර්තාවට ජනාධිපතිතුමා කොමිටියක් දැම්මා චමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒක දැම්මේ අපිට ගිහිල්ලා මිනිස්සුන්ට නඩු දාන්න නෙමෙයි. මෙම වාර්තාවෙ අධ්‍යාපනයේ විවිධ තැන්වල පනත් සංශෝධනය කරන්න, අලුත් පනත් ගෙනෙන්න, යම් යම් දේවල් තහනම් කරන්න ඒකෙ නිර්දේශ කරලා තියෙනවා. ඒකට තමයි මේක කමිටිය දැම්මෙ. නැතුව ගිහිල්ලා නඩු අහන්න, නඩු අහන්නෙ කොහොමද කියලා කියන්න, නඩු කාරයන්ට කතා කරන්න නෙවෙයි. ඒවා නීති මගින් ක්‍රියාත්මක කරන්න නීතිපතිට බාරදීලා තියෙනවා.

නමුත් මේ කොමිසම් වාර්තාව එන්න කලින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් වුණ ගමන් මේකට සම්බන්ධ පිරිසක් අත්අඩංගුවට ගත්තා. නීතිපතිතුමාගේ උපදෙස් පරිදි කොමිසම් වාර්තාව පැමිණෙන තූරු කිසි කෙනෙකුට නඩු දැම්මෙ නැහැ. පහුගිය ආණ්ඩුවේ තිබුණේ මාධ්‍ය සංදර්ශන. කතා පිටපතක් හදනවා. වාඩිවෙනවා, කියවනවා. රංජන් රාමනායකට තිබුණු බලය කොහොමද. අධිකරණයේ විනිසුරුවරුන්ට කතා කරන්න ඔහුට හයියක් ලැබුණා. ඒ හයිය ඔහුට ලැබුණේ වෙන කොහෙන්වත් නෙවෙයි, යහපාලන ආණ්ඩුවෙන්. යහපාලන ආණ්ඩුව පාවිච්චි කෙරුවා, රන්ජන් නැමතී මෝඩ දේශපාලනඥයාව පාවිච්චි කෙරුවා.

මෙය ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව (08) දින ආරම්භ විය. මේ අනුව සෑම ගමකින්ම කාන්තා ව්‍යවසායිකාවක් බිහි කරමින් ආර්ථික ක්‍රියාවලියට ඔවුන්ගේ සෘජු දායකත්වය ලබාගැනීම රජයේ අපේක්ෂාවයි. මහාමාර්ග අමාත්‍යාංශය, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය, නිවාස අමාත්‍යාංශය, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, කාන්තා හා ළමා සංවර්ධන කටයුතු අමාත්‍යාංශය, වෙළද අමාත්‍යාංශය, සමෘද්ධි දෙපාර්තමේන්තුව ඇතුළු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

No comments

Ads Place