Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

චීන - ශ්‍රී ලංකා ජනාධිපතිවරුන් දුරකථන සංවාදයක : සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් වැඩි අවධානයක්

  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ චීන ජනාධිපති ෂී ජිං පින් මහත්වරුන් අතර අද (29) සවස දුරකථන සංවාදයක නිරතවූ බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ චීන ජන...

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ චීන ජනාධිපති ෂී ජිං පින් මහත්වරුන් අතර අද (29) සවස දුරකථන සංවාදයක නිරතවූ බවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ චීන ජනාධිපති ෂී ජිං පින් මහත්වරුන් අතර අද (29) සවස දුරකථන සංවාදයක නිරතවූ බවත් එහිදී සෑම කේෂ්ත්‍රයකම  අන්‍යොන ප්‍රතිලාභ සහිත ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමක් කොට වර්ධනය කිරීමට එකඟත්වය පළ කරනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටිනවා.

ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයට දිගටම උදව් කරන බවත්, බහුපාර්ශ්වික වේදිකාවලදී මුහුණපෑමට සිදුවන අයුක්තිසහගත බලපෑම් හමුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ස්ථීර සාර ලෙස පෙනී සිටින බවද මෙහිදී චීන ජනාධිපතිතුමා සඳහන් කර තිබෙනවා.

ජනාධිපති කාර්යාලයේ සිට චීන නායකයා ඇමතූ ජනාධිපති රාජපක්ෂ මහතා නොබෝදා අවසන් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 46 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට දුන් මහඟු සහයෝගය පිළිබඳව ෂී ජිං පින් ජනාධිපතිතුමාට සහ චීන රජයට සිය හෘදයාංගම කෘතඥතාව පළ කර සිටියා. කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා හය ලක්ෂයක් ශ්‍රී ලංකාවට ප්‍රධානය කිරීම ගැනද මෙහිදී ජනාධිපතිතුමාගේ ස්තූතිය පුද කෙරුණා.

ළඟදී උදාවන සිංහල දෙමළ අලුත් අවුරුද්දට සුබ පැතුම් පුද කරමින් කථා බහට එක් වූ චීන නායකයා කොවිඩ් 19 ප්‍රභල අභියෝගයක් වූවා සේම චීන ශ්‍රී ලංකා සබඳතා නව අවධියකට ඔසවා තැබීමට එය ඉවහල් වූ බවට සඳහන් කර සිටියාය.

“කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට දායකවීමට විශාල විභවතාවක් ඇති ව්‍යාපෘති දෙකක්. ඒවා කඩිනමින් නිම වනු දැකීම අපේ අපේක්ෂාව. වරාය නගරය, විදේශ ආයෝජන ඉඩ ප්‍රස්ථා විශාල ලෙස පුළුල් කිරීමට සමත්. එය රැකියා විරහිතභාවයටත් විසඳුමක්” චීන ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කර සිටියාය. 

හම්බන්තොට වරාය සහ සෙසු යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සතුටුදායක ලෙස ඉදිරියට යමින් තිබෙන බව සඳහන් කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ව්‍යාපෘතියේ ඉතිරි වැඩ කඩිනමින් සම්පූර්ණ කරන්නැයි චීන රජයෙන් ඉල්ලා සිටියාය. 

සිය ධූර කාලයේ ඉතිරි සිව් වසර ඇතුළත ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය සහ සමෘද්ධිය උදෙසා කළයුතු දේ කිරීම සිය අපේක්ෂාව බවයි මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ . “දිළිඳුකම තුරන් කිරීම අපේ  ප්‍රධාන පරමාර්ථයක්. ඒ සඳහා අපට චීනය ආදර්ශයට ගන්න පිළිවන්” බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.


ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව පිටුදැකීම සඳහා උදව් කිරීමට කැමැත්ත පළ කළ චීන නායකයා ගත වූ වසර කිහිපය තුළ තම රටේ අනූ ලක්ෂයක් දෙනා දිළිඳුකමින් ඉවතට ගැනීමට හැකිවූ බවට සඳහන් කර සිටියා. 

තමා 2014 දී ශ්රීි ලංකාවේ කළ චාරිකාව සිහිපත් කළ ෂී ජිං පින් ජනාධිපතිවරයා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා චාරිකාවක් සඳහා හැකි ඉක්මණින් චීනයට එනු දැකීමට තමා මහත් කැමැත්තෙන් පසුවන බව සඳහන් කර සිටියාය. 

සැලසුම් කළ පරිදි චීනයේ චාරිකා කිරීමට කොවිඩ් වසංගතය නිසා නොහැකි වූ බව කී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දෙපාර්ශ්වයටම පහසු අවස්ථාවක චීනයට පැමිණීමට අපේක්ෂා කරන බවට දැනුම් දී සිටියා. 

චීන - ශ්‍රී ලංකා සබඳතාවන්හි උපාය මාර්ගික ප්‍රවේශය දෘශ්‍ය ප්‍රථිපල ලැබෙන අයුරින් තවත් දියුණු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ චීන ජනාධිපතිතුමා දෙරටේ ජනතාව අතර සබඳතා වර්ධනය කළයුතු බව ද පෙන්වා දුන්නාය. 

චීන මහජන බැංකුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට පිරිනැමුණු හුවමාරු මුල්‍ය පහසුකම අගය කළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එය ශ්‍රී ලංකාවේ මුල්‍ය ස්ථාවරත්වය තහවුරු කිරීමට නිසැකවම ඉවහල් වනු ඇති බවට සඳහන් කර සිටියා.

ශ්‍රී ලංකා චීන මිත්‍රත්වයේ සංකේතයක් ලෙස හම්බන්තොට තාක්ෂණික විශ්ව විද්‍යාලයක් ස්ථාපනයට චීනයේ අඛණ්ඩ සහයෝගය අපේක්ෂා කළ ගෝඨාභය රාජපක්ෂ මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සරය වෙනුවෙන් සිය සුභාශීංසන පුද කර සිටියා. 

nethnews

 

No comments

Ads Place