Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෙරටින් වාර්තා වූ පළමු කොවිඩ් ආසාදිතයාගෙන් වසරකට පසුව රුධිර සාම්පල් ලබා ගැනේ

  මෙරටින් වාර්තා වූ පළමු කොවිඩ් ආසාදිතයා මෙරටින් වාර්තා වී අදට වසරක් සපිරෙනවා. 2020 වර්ෂයේ මාර්තු මස 11 වෙනිදා මෙරටින් පළමු කොවිඩ් ආසාදිතයා ...

 


මෙරටින් වාර්තා වූ පළමු කොවිඩ් ආසාදිතයා මෙරටින් වාර්තා වී අදට වසරක් සපිරෙනවා. 2020 වර්ෂයේ මාර්තු මස 11 වෙනිදා මෙරටින් පළමු කොවිඩ් ආසාදිතයා ලෙස වාර්තා වුයේ මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචි සංචාරක මාර්ගෝපදේශකවරයකු වන අතර ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට පළමුවෙන්ම තහවුරු වුයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දී සිදුකළ PCR පර්යේෂණය මගින්ය.


එලෙස වෛරසය ආසාදනය වූ එම රෝගියා මේ වන විට සුවය ලබා සිටියත් ඔහුගේ ශරීරයේ ප්‍රතිදේහජනක පරික්ෂා කිරීම සඳහා අද දිනයේ දී රුධිර සාම්පල් ලබා ගැනීම සිදුකරනු ලැබුවා. ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේදී. 


එම පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂක ආචාර්ය චන්දිම ජිවන්දර සඳහන් කර සිටියේ මෙරටින් වාර්තා වූ පළමු ආසාදිතයාගෙන් රුධිර සාම්පල් ලබා ගනු ලැබුවේ සොභාවිකව කොරෝනා වෛරසයට ආසාදනය වූ ඔහුගේ ශරීරයේ මේ වන විට පවතින ප්‍රතිදේහ සම්බන්ධයෙන් සොයා බැලීමට බවයි. ඉදිරියේදී මෙලෙස සුවය ලැබූ පුද්ගලයෙකු යලි කොරෝනා වෛරසයට ගොදුරුවීමේ හැකියාවක් ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම මෙම පර්යේෂණයේ තවත් එක් අරමුණක් බවයි මෙහිදී ආචාර්ය චන්දිම ජිවන්දර ප්‍රකාශ කර සිටියා.


" මේ දක්වා සොභාවිකව කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් රැසකගේ රුධිර සාම්පල් ලබාගෙන ඒ හරහා ඉදිරියේදී කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් මිනිස් සිරුරේ ප්‍රතිදේහ ගොඩනැගීම ඇතුළු කොරෝනා වෛරසය සම්බන්ධයෙන් දැනගත යුතු කරුණු රැසක් ගැන පර්යේෂණ සිදුකිරීම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අරමුණ බවයි මහාචාර්ය චන්දිම ජිවන්දර ප්‍රකාශ කර සිටියේ. 

No comments

Ads Place