Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රන්ජන්ගේ සිරකුටිය ළඟින් ජංගම දුරකතනයක් මතු වෙයි

 අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතාගේ සිරකුටිය ආසන්න භූමියේ සඟවා තිබූ ජංගම දුරකථනයක් බන්ධනාගාර...


 අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතාගේ සිරකුටිය ආසන්න භූමියේ සඟවා තිබූ ජංගම දුරකථනයක් බන්ධනාගාර බුද්ධි ඒකකයේ නිලධාරීන් විසින් පෙරේදා (14) සිදු කළ විශේෂ සෝදිසියක දී සොයාගෙන ඇත.


බන්ධනාගාර බුද්ධි ඒකකයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව එම බන්ධනාගාරයේ ටීයූ විශේෂ අංශය හා එම අංශය අවට සෝදිසි කර ඇති අතර එහිදී සිරකරුවන් ස්නානය කරනු ලබන ස්ථානයට නුදුරින් වළ දමා තිබූ එමි අංකය මකා දැමූ ජංගම දුරකථනයක් මෙලෙස සොයාගෙන තිබේ.


අදාළ දුරකථනය පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතාට ලබා දීමට කිසිවකු උත්සාහ කළා ද නැතහොත් අදාළ දුරකථනයට ඔහුගේ සම්බන්ධයක් ඇත්දැයි පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් විමර්ශන කටයුතු සිදු කරන බවත් වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.


මෙම ටීයූ විශේෂ සිර මැදිරි අංශය තුළ රන්ජන් රාමනායක සිරකරු ඇතුළු තවත් සිරකරුවන් පිරිසක් රඳවා සිටින බව ද බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

noizetv

No comments

Ads Place