Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මසට මරන්න සැරසුනු ගැබ්බර එළදෙනක් පොලිස් නිලධාරීන් බේරාගනී…

  දර්ගා නගරය මිහිරිපැන්න ප්‍රදේශයේ නීති විරෝධීව ගැබිණි එළදෙනෙකු වද හිංසාවන්ට ලක් කර පාද ගැටගසා ඝාතනය කිරීමට සිටියදී මෙම ගැබිණි එළදෙන ගේ දිවි...


 දර්ගා නගරය මිහිරිපැන්න ප්‍රදේශයේ නීති විරෝධීව ගැබිණි එළදෙනෙකු වද හිංසාවන්ට ලක් කර පාද ගැටගසා ඝාතනය කිරීමට සිටියදී මෙම ගැබිණි එළදෙන ගේ දිවි ගලවා ,සත්වයා ඝාතනයට සම්බන්ධ සැකකාර පුද්ගලයා අද 11 අත්අඩංගුවට ගත් බව දර්ගා නගරයේ පොලිස් මුරපොල නිලධාරීන් කියයි .

සැකකරු මෙම ගැබ්බර එළදෙන ඝාතනය කිරීමට කටයුතු කර ඇත්තේ මංගල උත්සවයකට මස් පිණිස ලබාදීමට බව පොලිස් නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ .

අත්අඩංගුවට පත් 50 හැවිරිදි සැකකාර පුද්ගලයා අදිකාරි ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු බව ත් එම ගැබ්බර එළදෙන කිසියම් ප්‍රදේශයකින් සොරකම් කරගෙන ආ සත්ත්වයකු බවට සැකකරන බව පොලීසිය කියයි .

එලෙස දිවි දිවිබේරාගත් එළදෙන රුපියල් ලක්ෂ ලක්ෂයක් පමණ වටිනා සත්වයෙකු බව පොලිසිය කියයි.

No comments

Ads Place