Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලෝකයේම වැඩි රැකියා අවස්ථා තියෙන්නේ උපාධිධාරීන්ට නොවෙයි- වෘත්තීය පුහුණුව තිබෙන අයට

  ලෝකයේ වැඩිපුරම රැකියා අවස්ථා ඇත්තේ උපාධිධාරීන්ට නොව වෘත්තීය පුහුණුව ඇති අයට බව නිපුනතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නවෝත්පාදන රාජ්...

 


ලෝකයේ වැඩිපුරම රැකියා අවස්ථා ඇත්තේ උපාධිධාරීන්ට නොව වෘත්තීය පුහුණුව ඇති අයට බව නිපුනතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ පවසයි.


වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය මෙසේ පැවසීය..


”ඔබ දන්නව ද අද ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේම වැඩි  රැකියා අවස්ථා තියෙන්නේ උපාධිධාරීන්ට නොවෙයි වෘත්තීය පුහුණුව තිබෙන අයටයි. මේ රටේ ගොඩක් කර්මාන්ත ශාලා හැදෙන කොට රැුකියා අවස්ථා බිහිවෙනවා. ඒ අතර උපාධිධාරීන්ට රැුකියා 10 ක් හැදෙනකොට යම්කිසි වෘත්තීය අධ්‍යාපනයක් ලබලා තියෙන දරුවන්ට රැුකියා අවස්ථා දහස් ගණනක් ඇති වෙනවා.”

 

 හැටන් තොන්ඩමන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය වෘත්තීය අධ්‍යාපනය සඳහා නවිකරණය කිරීම හා නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම සදහා ස්ථානයක් පරීක්ෂා කිරීමට පසුගියදා (14) සංචාරයකට පැමිණි අවස්ථාවේ හැටන් තොන්ඩමන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී අභ්‍යාසලාභින් අමතමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසීය.

noizetv

No comments

Ads Place