Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කෙසෙල්වත්තේ දිනුකගේ මෘතදේහය ඩුබායි සිට ගේන්න සූදානම්.. පිටකොටුව සුදු කොඩිවලින් සරසයි..

  ඩුබායි රාජ්‍යයේ දී හදිසි හෘදයාබාධයක් වැළඳී මිය ගිය බව කියන පාතාල කල්ලි නායක කෙසෙල්වත්තේ දිනුකගේ මළ සිරුර ශ‍්‍රී ලංකාවට ගෙන්වා අවසන් ගෞරව ද...

 


ඩුබායි රාජ්‍යයේ දී හදිසි හෘදයාබාධයක් වැළඳී මිය ගිය බව කියන පාතාල කල්ලි නායක කෙසෙල්වත්තේ දිනුකගේ මළ සිරුර ශ‍්‍රී ලංකාවට ගෙන්වා අවසන් ගෞරව දැක්වීමට ඔහුගේ පවුලේ ඥාතීන් කටයුතු කරමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

එහෙත් දිනුකට එරෙහිව ශ‍්‍රී ලංකා පොලිසිය ජාත්‍යන්තර රතු වරෙන්තුවක් නිකුත් කර තිබූ නිසා ඔහුගේ සිරුර මෙරටට ගෙන්වීමේදී ගැටලූ මතු විය හැකි බවට වාර්තා වෙයි.

මේ අතර කෙසෙල් වත්තේ දිනුකගේ මළ සිරුර මෙරටට ගෙන ඒමට නොහැකි වුවහොත් එය ඩුබායි රාජ්‍යයේ වියදමෙන් අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව ඇති බවද වාර්තා වෙයි.

කෙසෙල් වත්තේ දිනුක මරුමුවට පත් වූ බව සැලවීමත් සමගම පිටකොටුව කෙසෙල්වත්ත අලූත් කඬේ ප‍්‍රදේශ සුදුකොඩිවලින් සැරසීමට ඔහුගේ ගෝල බාලයන් කටයුතු කර ඇත.

පිටකොටුවේ ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ කිත්සිරි රාජපක්‍ෂ, ඔහුගේ සොහොයුරු ඇතුළු පුද්ගලයන් රැුසකගේ ඝාතන සම්බන්ධයෙන් කෙසෙල් වත්තේ දිනුකට එරෙහිව චෝදනා එල්ල වී තිබූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මත්ද්‍රව්‍ය ඡාවාරම්, පිටකොටුව ඇතුළු ඒ අවට ප‍්‍රදේශවල ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීම් ඇතුළු තවත් අපරාධ රැුසක් සම්බන්ධයෙන් ද දිනුකට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

No comments

Ads Place