Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රජයේ ඉඩම් බැංකුවක් හදන්න තීන්දු කරයි..

  රජයේ ආයතන සතු වගා කිරීමට සුදුසු ඉඩම් පිළිබඳ බැංකු සංචිතයක් ගොඩනැගිය යුතු බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති ක...


 රජයේ ආයතන සතු වගා කිරීමට සුදුසු ඉඩම් පිළිබඳ බැංකු සංචිතයක් ගොඩනැගිය යුතු බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ජාතික සම්බන්ධීකරණ කෘෂිකාර්මික අනුකමිටුවේ දී තීරණය කළ බව වාරිමාර්ග හා රාජ ආරක්ෂක ආපදා කළමනාකරණ, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ඒ එම ජාතික අනු කමිටුවේ සභාපති වරයා වන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ ඊයේ (10) රැස්වූ අවස්ථාවේ දී.

වගා කිරීමට සුදුසු එහෙත් මේ වන විට වගා නොකර ඇති ඉඩම් විශාල ප්‍රමාණයක් රජයේ ආයතන සතුව තිබේ. එම ඉඩම් පාරම්පරික ගොවීන්ට හෝ ගොවිපොළවල් ඇති කිරීමට ලබා දීමට සුදුසු ක්‍රමවේදයක් සකසන ලෙස නිලධාරීන්දට අමාත්‍යවරයා උපදෙස් දෙන ලදී.

රට හදන සෞභාග්‍යයේ දැක්මට අනුව ශ්‍රී ලංකාව ආහාරවලින් පෝෂණය කිරීමේ ජාතික ප්‍රතිපත්තිය ශක්තියක් වීමට මෙම වැඩසටහන රුකුලක් වේ.

* කුඩා හා මධ්‍ය පරිමාණ ගොවිපොළවල් නිර්මාණය කිරීම.
* කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කිරීම.
* යල කන්නය සඳහා පොහොර බෙදාහැරීමේදී නිසි කලට ගොවීන්ට ලබා දීමේ ක්‍රමවේදය
* මහවැලි ගොවි පොළවල් ඉදිරි වසර තුළ දී ලාභදායකත්වයට පත් කිරීම සඳහා විශේෂ ක්‍රමවේදයක් ඇති කිරීම
සහ වන සතුන්ගෙන් බෝගවලට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙම කෘෂිකර්ම ජාතික සම්බන්ධීකරණ අනු කමිටුවේ දී සාකච්ඡා කරන ලදී.

රිලවුන්ගෙන් ගොවීන්ට වගා හානි සිදුවීම වළක්වා ගැනීම සඳහා විශේෂ ක්‍රමවේදයක් ඇති කළ යුතු බව මෙහිදී සාකච්ඡා විය.

මෙම අනුකමිටුව සඳහා වාරිමාර්ග, වනජීවී, කෘෂිකර්ම , ඉඩම්, පරිසර හා වැවිලි කර්මාන්ත යන අමාත්‍යාංශ 6 ඇතුලත් වේ.

කෘෂිකාර්මික අනු කමිටු රැස්වීම සඳහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා එක්ව සිටියේය.

ඊට අමතරව රාජ්‍ය අමාත්‍යවරු වන ශෂීන්ද්‍ර රාජපක්ෂ , , සිරිපාල ගම්ලත්, අනුරාධ ජයරත්න , විමලවීර දිසානායක. කනක හේරත්. අරුන්දික ප්‍රනාන්දු, ජානක වක්කුඹුර මහත්වරු සහ එම අමාත්‍යාංශ වල ලේකම්වරු මෙන්ම රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියේය.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
මාධ්‍ය ඒකකය
කසුන් විරතුංග

No comments

Ads Place