Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නාගානන්ද කොඩිතුවක්කු සහ සේපාල් අමරසිංහට එරෙහිව මැලිබන් සමාගම නඩු මගට!!!

  මැලිබන් බිස්කට් නිෂ්පාදන සමාගම විසින් නාගානන්ද කොඩිතුවක්කු සහ සේපාල් අමරසිංහට එරෙහිව නුගේගොඩ දිසා අධිකරණයේ වෙනම වෙනම නඩු දෙකක් ගොනු කර තිබ...

 


මැලිබන් බිස්කට් නිෂ්පාදන සමාගම විසින් නාගානන්ද කොඩිතුවක්කු සහ සේපාල් අමරසිංහට එරෙහිව නුගේගොඩ දිසා අධිකරණයේ වෙනම වෙනම නඩු දෙකක් ගොනු කර තිබෙනවා.


මැලිබන් ලෙමන් පෆ් සතුව සැබෑ ලෙමන් ක්‍රීම් නොමැති බවත් මැලිබන් සමාගම පාරිභෝගිකයින් වංචා කර ඇති බවත් පවසමින් ඔහු විසින් සමාජ මාධ්‍යවල ප්‍රකාශයට පත් කරන ලද ක්‍රියාකාරික නාගනාන්ද කොඩිතුවක්කු විසින් කරන ලද ප්‍රකාශයන් මේ සඳහා හේතු වී ඇති බව DailyFT වෙබ් අඩවිය වාර්තා කරයි


මැලිබන් සමාගම කියා සිටින්නේ සැබෑ ස්වාභාවික ලෙමන් ක්‍රීම් භාවිතා කරන එකම ලෙමන් පෆ් නිෂ්පාදකයා එය වන අතර එම නිසා එම චෝදනා අසත්‍ය, අපහාසාත්මක සහ බාහිර අරමුණු ඇතිව කරන ලද්දක් බවයි.


සැලකිය යුතු ප්‍රමාණයක සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් කරමින් “සමාජ ක්‍රියාකාරිකයා” සහ “නිදහස් ලේඛකයා” ලෙස හඳුන්වන නගානන්ද කොඩිතුවක්කු සහ සේපාල් අමරසිංහ, මැලිබන් ලෙමන් පෆ් බිස්කට් නිෂ්පාදන සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පෝස්ට් හරහා පුළුල් ලෙස අසත්‍ය හා අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කර ඇති බවත් සැබෑ ලෙමන් රසයක් නොමැතිව පාරිභෝගිකයන්ට වංචා කර ඇති බවත් සඳහන් කර ඇති බව එම සමගම පවසයි.


මැලිබන් බිස්කට් නිෂ්පාදන සමාගම විසින් මෙම වැරදි සහ නීති විරෝධී හැසිරීම සහ සමාගමේ ප්‍රතිරූපය හා එහි කිර්ති නාමය විනාශ කිරීම වෙනුවෙන් නගානන්ද කොඩිතුවක්කුගෙන් රු. 600,000,000ක් සහ සේපාල් අමරසිංහගෙන් රු.500,000,000ක් වන්දි මුදලක් ඉල්ලා නඩු පවරා ඇත.


විත්තිකරුවන්ට එරෙහිව ජූනි 18 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අධිකරණය නොතීසි නිකුත් කර තිබේ.

noizetv

No comments

Ads Place