Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොළඹ නගරයේ හුස්මගන්න ඔක්සිජන් ප‍්‍රතිශය අඩු වෙයි

  කොළඹ නගරයේ වායුගෝලයේ ඔක්සිජන් ප‍්‍රතිශතය ජනගහනයට අනුපාතිකව ක‍්‍රම ක‍්‍රමයෙන් පහළ යමින් පවතින බව පරිසර අමාත්‍යාංශය සඳහන් කර සිටී.    ආමාත්‍...

 


කොළඹ නගරයේ වායුගෝලයේ ඔක්සිජන් ප‍්‍රතිශතය ජනගහනයට අනුපාතිකව ක‍්‍රම ක‍්‍රමයෙන් පහළ යමින් පවතින බව පරිසර අමාත්‍යාංශය සඳහන් කර සිටී.

 
 ආමාත්‍යාංශය විසින් සිදුකරන ලද පරීක්‍ෂණයකින් මේ බව තහවුරු වී තිබේ. ඒ අනුව කොළඹ නගරයේ වායු දූෂණය වැළැක්වීම සඳහා පරිසර අමාත්‍යාංශය සහ කොළඹ මහනගර සභාව ඒකාබද්ධ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
 
 පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ඇතුළු නිලධාරීන්ගේ ප‍්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් සාකච්ඡුා වී තිබේ.
 
 කොළඹ නගරයේ ඔක්සිජන් ප‍්‍රතිශතය දිනපතා පරීක්‍ෂා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමත්, කොළඹ නගර සභා බල ප‍්‍රදේශය තුළ පරිසර සංරක්‍ෂණය සඳහා අවශ්‍ය විශේෂඥ හා තාක්‍ෂණික සහය ලබාදෙන ලෙස නගරාධිපතිනි රෝසි සේනානයක මහත්මිය පරිසර අමාත්‍යංශයෙන් ඉල්ලීමක්ද මෙහිදී කර තිබේ.
noizetv

No comments

Ads Place