Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් මිනිමැරුම් නඩු තීන්දු වෙනස් කරන්න නිර්දේශ..

  දේශපාලන පළිගැනීම් කොමිෂම විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් මිනිමැරුම් නඩු තීන්දු වෙනස් කරන්නත් නිර්දේශ කර ඇතැයි විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක පා...


 දේශපාලන පළිගැනීම් කොමිෂම විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් මිනිමැරුම් නඩු තීන්දු වෙනස් කරන්නත් නිර්දේශ කර ඇතැයි විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය

මන්ති‍්‍රවරයා මේ කරුණු ප‍්‍රකාශ කලේ අදදින විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදි අදහස් පළකළ මන්ති‍්‍රවරයා මෙසේද පැවසීය.

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් කියන්නේ අධිකරණ නෙමෙයි. මේවා තොරතුරු හොයන්න පත්කරපු කොමිෂන් පමණයි. මේවාට නඩු තීන්දු ලබාදෙන්න බැහැ. තොරතුරු හොයලා නීතිපතිවරයාට යවන්න ඕන. එච්චරයි. පසුව නීතිපතිවරයා තීරණය කරනවා මේ තොරතුරු පදනම් කරගෙන නෛතික කටයුතු කරන්න පු`එවන්ද කියලා. දැන් අපට ලැබුණ කැබිනට් පති‍්‍රකාව අනුව පෙනී ගිය දෙයක් තමයි මේ කොමිෂම තොරතුරු හොයනවා වෙනුවට අධිකරණ බලය අතට අරන්. ඒක නීති විරෝධි වගේම අධිකරණයට කරන අපහාසයක්. ශ්‍රේෂ්ඨාධිකරණය, මහාධිකරණය, මහේස්ත‍්‍රාත් අධිකරණය දුන් නඩු තීන්දු හා පවතින නඩු පිලිබද මේ කොමිෂමේ අය නිර්දේශ නිකුත් කරනවා. මේක සම්පූර්ණයෙන්ම අධිකරණයේ බලය උදුරා ගැනීමක් බව ඉතාම පැහැදිලියි. අධිකරණයක තීන්දුවක් වෙනස් කරන්න පු`එවන් අධිකරණයකට පමණයි. මේ වගේ කොමිෂන් සභාවකට බැහැ අධිකරණ තීන්දු වෙනස් කරන්න. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් මිනීමැරුම් පිළිබද නඩු වලට පවා මේ අය යම් යම් වෙනස් කිරිම් කරන්න නිර්දේශ කරලා. ආණ්ඩුවේ හිතවතුන්ට විරුද්ධව තිබෙන නඩු ඉවත් කරලා සමහර නඩු වල පැමිණිලිකාරයා විත්තිකාරයා කරලා. අපි පසුගියදා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු 40ක පිරිසක් අත්සන් කරලා අගවිනිසුරුතුමාට පෙත්සමක් භාරදුන්නා. තමුන්නාන්සේලාට අහන්න පු`එවන් පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් මැදිහත් වෙන්න හේතු මොනවාද කියලා. පාර්ලිමේන්තුව තමයි ජනතාවගේ අධිකරණ බලය උසාවි වලට දෙන්නේ. ඉතින් අපට පේනවා පාර්ලිමේන්තුව අධිකරණයට ලබාදුන් බලය මේ කොමිෂම විසින් පැහැරගෙන තිබෙනවා. ඒ නිසා අපි අගවිනිසුරුතුමාගෙන් ඉල්ලීමක් කළා මේ පිළිබදව පරීක්ෂණයක් කරන්න කියලා.

දේශපාලන පළිගැනීම් පිළිබද කමිටුව, පාස්කු ප‍්‍රහාරය පිළිබද කමිටු වාර්තාවල් අසම්පූර්ණයි. පාස්කු ප‍්‍රහාරය පිළිබද වාර්තාවේ වෙ`එම් 05ක් තිබෙනවා නමුත් අපට ලබාදුන්නේ එක වෙ`එමයි. තවම නීතිපතිවරයාටවත් දීලා නැහැ. ඉතින් නීතිපතිවරයා කොහොමද වෙ`එම් සියල්ලම නැතිව ඉදිරි කටයුතු නිගමනය කරන්නේ. මේ අය හිතාමතා මේක ප‍්‍රමාද කරනවා. ඇයි මේවා හංගන්නේ ? අපි රජයට කියනවා වහාම මේ සිය`එ වාර්තාවන් නීතිපතිවරයාට යොමු කරන්න. මන්ද අපට සැකයක් තිබෙනවා සිය`එ සාක්ෂි කොමිෂමට ඉදිරිපත් කළාද යන්න පිළිබදව. කාදිනල්තුමාට වුනත් මේක අධ්‍යනය කරන්න මේ වාර්තාව ප‍්‍රමාණවත් නැහැ.

ඒ වගේම අද පළාත් සභා මැතිවරණය පිළිබදව කතා වෙනවා. පාර්ලිමේන්තු ආරංචි මාර්ග අනුව පළාත්සභා මැතිවරණය පවත්වයිද කියා සැකයි. රජය පළාත්සභා මැතිවරණය පිළිබද ප‍්‍රකාශ කලේ එක්සත් ජාතින්ගේ සංවිධානය අන්දන්න. මොකද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේදි 13වන සංශෝධනය කි‍්‍රයාත්මක කරන්න කියලා ඉන්දියාවෙන් තද ඉල්ලීමක් තිබුණා. ඉන්දියාව අන්දන්න තමයි පළාත් සභා පිළිබද මතයක් ඇතිකළේ.

හැම පක්ෂයකටම කිව්වා නව ව්‍යවස්ථාවට යෝජනා ඉදිරිපත් කරන්න කියලා. අපි ඒ අයට දුන් උත්තරය තමයි රජයට හිතවත් නීතිඥ මහත්වරු ඉදිරියේදි ව්‍යවස්ථාවක් හදලා නැහැ ඉතිහාසයේ සිටම. හැමදාම මේ කටයුතු සිදුවුනේ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවකින් හෝ මු`එ පාර්ලිමේන්තුවම තේරීම්කාරක සභාවකට පරිවර්තනය වෙලා. රජයට අද මැතිවරණ තියන්න බැහැ තිබ්බොත් පරාදයි. ඉතින් මැතිවරණ ප‍්‍රමාද කරන්න හොදම ක‍්‍රමය තමයි ව්‍යවස්ථා සංශෝධනය.

මෙහිදි පැමිණ සිටි මාධ්‍යවේදීන් විසින් ඉදිරිපත් කල ප‍්‍රශ්ණ හා එයට ලබාදුන් පිළිතුරු මෙසේය.

ප‍්‍රශ්ණය – ඔබතුමා මිනීමැරුම් නඩුවක් පිළිබදව දේශපාලන පළිගැනීම් කොමිෂම නිර්දේශ ඉදිරිපත් කර ඇතැයි සදහන් කළා. ඒ කුමන නඩුව පිළිබදවද ?

පිළිතුර – නම් සදහන් කරන්න කැමති නැහැ. නඑුත් ඔබ සියඑ දෙනාම දන්නවා ඒ කාරණය. මොකද පෞද්ගලිකව සදහන් කිරිමක් නෙමේ අපි ප‍්‍රකාශ කරන්නේ සමස්ත අදහසක් විදිහට. ආණ්ඩුවට හිතවත් අයගේ නඩු ඉවත් කරන්න කියලා මේ දේශපාලන පළිගැනීම් කොමිෂමෙන් නිර්දේශ කරලා තිබෙනවා. මිනිමැරුම් නඩු තීන්දු වෙනස් කරන්න නිර්දේශ කරලා. මේක සම්පූර්ණයෙන්ම අධිකරණයට කරන අපහාසයක්.

ප‍්‍රශ්ණය – ඔබතුමාලගේ ආණ්ඩුවත් ව්‍යවස්ථා සංශෙෘ්ධනයට යම් යම් කටයුතු කරළා. ඒ කටයුතු පාදක කරගන්න කියා යෝජනා කළේ නැද්ද ?

පිළිතුර – මම මාස දෙකකට කලිනුත් එය ප‍්‍රකාශ කලා අපි මු`එ පාර්ලිමේන්තුවම මෙහෙයුම් කමිටුවක් කළා. දින 75ක් අපි එකට ඉදගත්තා. මන්ති‍්‍රවරු කමිටු 20කට පත්කළා. විපක්ෂයේ මන්ති‍්‍රවරුත් පත්කළා. බන්දුල ගුණවර්ධන මුදල් කමිටුවේ සභාපති. ඒ අය වාර්තා 20ක් දුන්නා. ඒ වාර්තා අපි පාර්ලිමේන්තුවේ දින 5ක් විවාද කළා. ඒ විදිහට කටයුතු 80‍්‍රක් අවසන් කරලා තිබුනේ. මේ අය ව්‍යවස්ථා හදන්නේ ගෙදර යන ගමන්.

– මාධ්‍ය ඒකකය

No comments

Ads Place