Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එන්නත ගත් විදේශිකයන්ට නිරෝධායනය අවශ්‍ය නෑ

 කොරෝනා මර්දන එන්නත ගැනීමෙන් අනතුරුව දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් හා සංචාරකයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු නොකිරීමට රජයේ අවධානය යොමු වී ...


 කොරෝනා මර්දන එන්නත ගැනීමෙන් අනතුරුව දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් හා සංචාරකයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු නොකිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.


එන්නත් ගැනීමෙන් අනතුරුව දිවයිනට පැමිණෙන පුද්ගලයන් එලෙස නිදහස් කරන ලෙස කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක් ද කර තිබේ.


තමන් කළ ඉල්ලීමට අදාළව අවසන් තීරණය සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්‍ෂණික කමිටුව විසින් ගනු ඇති බව කියා සිටි යුද හමුදාපතිවරයා එලෙස එන්නත් කර දිවයිනට පැමිණෙන පුද්ගලයන් පැය 48ක් තුළ ගත් පීසීආර් වාර්තාවක්ද සෞඛ්‍ය අංශ වෙත ඉදිරිපත් කළ යුතු බව පෙන්වා දුන්නේය.


කොවිඩ් මර්දන එන්නත ගත්තද පැය 48ක් තුළ ගත් පීසීආර් පරීක්‍ෂණ වාර්තාවක් නොමැතිව දිවයිනට පැමිණෙන පිරිස් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ අනුව එහිදී කරන පීසීආර් පරීක්‍ෂණ වාර්තා නිකුත් වන තෙක් ඔවුන්ට එම මධ්‍යස්ථානවල රැඳී සිටීමට සිදු වනු ඇති බවත් යුද හමුදාපතිවරයා කියා සිටියේය.

noizetv

No comments

Ads Place