Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සිගිරියේ වටිනා ඉඩම් ක්‍රිකට් ක්‍රීඩකයෙකු මිලදී ගැනීම ගැන පරීක්ෂණයක්

  සිගිරිය ප්‍රදේශයේ වටිනා ඉඩම් ක්‍රිකට් ක්‍රිඩකයකු විසින් මිලදි ගනු ලැබ ඇති බවට කියන සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරික්ෂණ සිදු කරන ලෙස මධ්‍යම පළ...

 


සිගිරිය ප්‍රදේශයේ වටිනා ඉඩම් ක්‍රිකට් ක්‍රිඩකයකු විසින් මිලදි ගනු ලැබ ඇති බවට කියන සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරික්ෂණ සිදු කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර, නිතිඥ ලලිත් යු ගමගේ උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව මේ වන විට ලබාදි ඇති ඔප්පු අවලංගු කිරිමට කටයුතු කරන ලෙසටයි මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්විමේදී අදාළ නිලධාරින්ට උපදෙස් දි ඇත්තේ. 


මධ්‍යම පළාත් ආණ්ඩුකාර, නිතිඥ ලලිත් යු ගමගේ කියා සිටියේ අඩු ආදායම් ලාභි ජනතාවට ලබා දිමට ඇති ඉඩම් සහ ඔවුන්ගේ ඉඩම් මෙලෙස අයථා අන්දමින් ලබා දී ඇති බවයි. මෙය ඉතා බරපතල ක්‍රියාවක් බවත් මේ පිළිබද ප්‍රාදේශීය ලේකම් ඇතුලු සියලු දෙනාගේ අවධානය යොමු විය යුතු බවත් ඔශු කියා සිටියා. මේ පිළිබද වහාම සොයා බලා අදාළ ඉඩම්වල ඔප්පු අවලංගු කිරිමටත් ඒවා මධ්‍යම පළාතේ මෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ ඉඩම් නොමැති ජනතාවට ඉඩම් ලබා දිමට කටයුතු කළ යුතු බවත් ආණ්ඩුකාරවරයා පවසා තිබෙනවා. 


මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී අදහස් දැක්වු මාතලේ දිස්ත්‍රික් ලේකම් කරුණාසිරි පෙරේරා කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරන බවයි. අදාළ ග්‍රාම නිලධාරිවරයාගේ වැඩ තහනම් කර ඇති බවත් එහිදී ප්‍රකාශ කෙරුණා.


අදාල ග්‍රාම නිලධාරිවරයාගේ දරුවෙකු මහනුවර ප්‍රදේශයේ උසස් පාසලකට ඇතුළත් කිරිමට අදාළ ක්‍රිකට් ක්‍රිඩකවරයා කටයුතු කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි මේ වන විට අනාවරණ වී ඇත්තේ. 


මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී අදහස් දක්වා ඇති දඹූල්ල නගරාධිපති ජාලිය ඕපාත ප්‍රකාශ කර ඇත්තේ මහා පරිමාණයෙන් සිගිරිය, දඹුල්ල ප්‍රදේශයේ ඉඩම් බැහැර කිරිම් සිදු වන බවයි. 

No comments

Ads Place