Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජාතික ආරක්ෂාව තහවුරැ කර අවසන්… දැන් ඇත්තේ ‘සෞභාග්‍යයේ දැක්ම’ යථාර්ථයක් කරන්නයි..

  ග්‍රාමීය ආර්ථිකය නැංවීමට හා ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනයට ප්‍රමුඛතාවය ලබා දෙමින් මේ වසරේ සංවර්ධන කාර්යයන් රැසක් ක්‍රියාත්මක කිරීමට රජය ...


 ග්‍රාමීය ආර්ථිකය නැංවීමට හා ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනයට ප්‍රමුඛතාවය ලබා දෙමින් මේ වසරේ සංවර්ධන කාර්යයන් රැසක් ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු යොදා ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ කොළඹ දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනය පිළිබද සාකච්ජාවකට අමාත්‍යාංශයේදී සහභාගී වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,

පසුගිය වසර තුළ කොවිඩ් වලින් රටේ ජනතාව ආරක්ෂා කර ගැනීම සදහා ප්‍රමුඛතාවය ලබා දී තිබූ අතර සංවර්ධන කටයතු සදහා වැඩි බරක් ලබා දුන්නේ නැහැ. නමුත් එන්නත්කරණ වැඩසටහන හා ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් රජයට ලබා දෙන සහයෝගය මත ග්‍රාමීය යටිතල පහසුකම් හා ග්‍රාමීය ආර්ථිකය නංවාලීමේ වැඩසටහන් රැසක් මේ වසරේ ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ අතුරින් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේද නායකත්වය ඇතිව අධිවේගී මාර්ග ව්‍යාපෘති, ග්‍රාමීය පාලම් ව්‍යාපෘති, කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන, අපේ ගමේ අපේ කඩේ වැඩසටහන හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට කොන්ක්‍රීට් හෝ ඉන්ටර්ලොක් කිරීම සදහා රුපියල් ලක්ෂ 20 ක් බැගින් ලබා දීම ඇතුලු වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කර තිබෙනවා.

අපි මේ කතා කරන්නේ මහාමාර්ග අමාත්‍යාංශය හා ග්‍රාමීය මාර්ග අවශේෂ හා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳව පමණයි. මේ අයුරින් සියලු අමාත්‍යාංශ මිලියන 22 ක් වූ ජනතාවට ප්‍රතිලාභ ලැබෙන පරිදි යටිතල පහසුකම් සංවර්ධනය හා ගැමි ආර්ථිකය නංවාලීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා.

අපි මේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ කොවිඩ් 19 අභියෝගය හමුවේ. මේ අභියෝගය හමුවේ රටේ ජනතාවත් ආරක්ෂා කරගනිමින් මේ වසර තුළ සංවර්ධන වැඩසටහන් සදහා ප්‍රමුඛතාවය ලබා දීමට රජය කටයුතු කර තිබෙනවා.

දකුණු ආසියාතික රටවල් අතුරින් චීනයට පමණක් දෙවැනි වූ ආර්ථිකයක් හා ජාතික ආරක්ෂාව තහවුරු කළ රාජ්‍යයක් 2015 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් යහ පාලනයට භාර දුන් බවත් 2019 දී යහ පාලනය භාර දුන්නේ ඇෆ්ගනිස්ථානයේ ආර්ථිකයට සමාන ආර්ථිකයක් හා ජාතික ආරක්ෂාව බිංදුවට වැටුනු රටක්. එවන් තත්ත්වයක් තුළ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතික ආරක්ෂාව යළි තහවුර කර දී තිබෙනවා. දැන් එළඹ ඇත්තේ “සෞභාග්‍යයේ දැක්ම” යථාර්ථයක් කරමින් ආර්ථික අභියෝගයන් ජය ගැනීම බවත් ඒ සදහා වත්මන් රජය කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

No comments

Ads Place