Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

සිනි බදු වංචාවට එරෙහිව ජවිපෙ ශ්‍රේෂ්ඨාධිකරණයට

 පසුගිය වසරේ සීනි ආනයනය කිරීමේදී ආනයනය බද්ද අඩු කිරීමෙන් රජයට රුපියල් බිලියන 15.9ක පාඩුවක් සිදු කිරීමේ සිද්ධිය අභියෝගයට ලක් කරමින් ජනතා විමු...


 පසුගිය වසරේ සීනි ආනයනය කිරීමේදී ආනයනය බද්ද අඩු කිරීමෙන් රජයට රුපියල් බිලියන 15.9ක පාඩුවක් සිදු කිරීමේ සිද්ධිය අභියෝගයට ලක් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී .


මෙම බදු වංචාවෙන් පුරවැසියෙකු ලෙසට තමාගේ සහ මහජනතාවගෙ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ප්‍රකාශයට පත් කරන ලෙසට හඳුන්නෙත්ති මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි .


මෙම පෙත්සමෙන්ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ‍මහතා වෙනුවෙන් නීතිපතිවරයා, ‍අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල, සතොස හිටපු සභාපති නුෂාඩ් පෙරේරා, පිරමිඩ් විල්මා සමාගම, එහි සභාපති සජාත් මවුසූන්, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ශාන්ත දිසානායක සහ නීතිපති යන අය  වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.


 සීනි ආනයනය සඳහා පනවා තිබූ බදු ප්‍රමාණය රුපියල් 50 සිට ශත 25ක් දක්වා අඩු කිරීම තුළින් රජයට රුපියල් බිලියන 15.9ක පාඩුවක් සිදුවී ඇති බව පෙත්සම්කරු පවසා සිටියි. එම බදු අඩු කිරීමෙන් පාරිභෝගික  ජනතාවට කිසිදු වාසියක් අත්වී නැති බවට පෙත්සම්කරු පවසා සිටියි .


මෙම වංචාවට අදාළව මුදල් අමාත්‍යාංශයේ විසින්ද පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කර ඇතැයි ද සුනිල් හඳුන්නෙත්ති මහතා පෙත්සමින් පවසා සිටියි .

nethnews

No comments

Ads Place