Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

චීන එන්නත අනුමැතියට බාධා.. සුදු වෑන් කිඹුලෙක් පසුපස.. ඔත්තු සේවයකින් අතහිත.. චීන අප‍්‍රසාදය.. රුසියාවද පුදුමයෙන්..

  චීනයේ නිෂ්පාදිත සයිනෝෆාර්ම් එන්නත ශ්‍රී ලංකාව තුල ලියාපදිංචිය වැලක්වීමට ප්‍රබල බලපෑමක් දියත්ව ඇති බව වාර්තා වේ. අසල්වැසි රටක ඔත්තු සේවාවක්...

 


චීනයේ නිෂ්පාදිත සයිනෝෆාර්ම් එන්නත ශ්‍රී ලංකාව තුල ලියාපදිංචිය වැලක්වීමට ප්‍රබල බලපෑමක් දියත්ව ඇති බව වාර්තා වේ. අසල්වැසි රටක ඔත්තු සේවාවක් මේ සඳහා ඍජුව මැදිහත්ව ඇති අතර පසුගිය රජයේ අමාත්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ මේ ක්‍රියාදාමය දියත්ව ඇත.

ඔහුගේ නිවසේ මීට සති කිහිපයකට පෙර මේ සම්බන්ධයෙන් පැවති සාකච්ජාවකට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රබලයකු, හෙද සංගමයක ප්‍රධානියකු, වෛද්‍ය රසායනාගාර සංගමයක ප්‍රධානියකු ඇතුළු කිහිප දෙනෙක් සහභාගී වී තිබේ.

හෙද නිලධාරියා සහ වෛද්‍ය රසායනාගාර නිලධාරියා චීන එන්නත බාල බවට ප්‍රචාරය කිරීමේ වගකීම බාර ගෙන ඇති අතර ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා තව මාස 3 යනතුරු එන්නතට ලියාපදිංචිය ලබා නොදෙන බව පවසා ඇත.

චීනය, ශ්‍රී ලංකාව කෙරෙහි බිදවීමත්, චීනය අවමානයට පත් කිරීමත් මෙහි අරමුණ බව වාර්තා වේ. රුසියානු එන්නතට ලියාපදිංචිය ලබා දීම ප්‍රමාද කෙරුණේද මේ හා සමාන අරමුණකින් බව අනාවරණය වී ඇත.

රුසියානු එන්නත් නිෂ්පාදකයන් පවසා ඇත්තේ ලෝකයේ කිසිදු රටකින් ලංකාවේ නියාමන නිලධාරීන්ගෙන් තරම් කරදර සිදු නොවූ බවයි.

චීන එන්නත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නියාමන නිලධාරීන් සිදු කරන කෙනෙහිලිකම් පිළිබඳව මේ වනවිටත් කොළඹ චීන තානාපතිවරයා ශ්‍රී ලංකා රජයට සිය අප්‍රසාදය පළ කර ඇති බවද වාර්තා වේ.

මේ අතර ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරියකු පැවසුවේ එහි ප්‍රධානියකු ප්‍රසිද්ධියේම “ඔය චීන්නුන්ගේ බඩු මගෙන්නම් පාස් වෙන්නේ නැති බව” වහසි බස් පවසන බවයි.

මෙකී ප්‍රධානියා පසුගිය රජයේ අමාත්‍යවරයකු පත් කළ පසුව අභියාචනාධිකරණය තනතුරෙන් නෙරපා නැවත එකී ඇමැතිවරයාම තනතුරේ පිහිටවුවකු බව පැවසේ.

මේ අතර එන්නත් සම්බන්ධව කටයුතු කරන විශේෂඥ කමිටුවේ සාමාජිකයකු, ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රබලයකු චීන එන්නතේ අඩුපාඩු පවසමින් එයට ලියා පදිංචිය නොදෙන ලෙස තමාට බලපෑම් කල බවට පැමිණිලි කර ඇත.

No comments

Ads Place