Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අත්අඩංගුවට ගැනුණු සැකකරුවෙකුගේ ගිණුමකට ඩුබායි රාජ්‍යයෙන් විශාල වශයෙන් මුදල් ලැබෙයි

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවෙකුගේ ගිණුමකට ඩුබායි රාජ්‍යයෙන් විශාල වශයෙන් මුදල් ලැබී ඇති බවත්, එම මුදල්වලින් කොටසක...


මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවෙකුගේ ගිණුමකට ඩුබායි රාජ්‍යයෙන් විශාල වශයෙන් මුදල් ලැබී ඇති බවත්, එම මුදල්වලින් කොටසක් ඉස්ලාම් අන්තවාදය ප්‍රවර්ධනය කරන යම් සංවිධානයකට බැර කර ඇති බවත් සනාථ වී ඇතැයි පොලීසිය පවසනවා.


ඒ හමුවේ සැකකරු ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාශය වෙත භාර දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.


මේ අතර පොලීසිය හා පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් ඊයේ දිනයේදී ද මත්ද්‍රව්‍යවලට අදාළ මෙහෙයුම් රැසක් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

No comments

Ads Place