Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා නිසා සිය රැකියා අහිමි වූ පෞද්ගලික අංශයේ සේවකයන්ට සහනයක්!!!

  Covid – 19 වසංගතය හමුවේ රැකියා අහිමි වූ පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු වූවන් පිළිබඳ තොරතුරු කම්කරු දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස කම්කරු අමාත...

 


Covid – 19 වසංගතය හමුවේ රැකියා අහිමි වූ පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු වූවන් පිළිබඳ තොරතුරු කම්කරු දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉල්ලා සිටිනවා.


ලබාදිය හැකි යම් සහනයක් වෙතොත් ඒ පිළිබඳ ඉදිරියේදී ක්‍රියාත්මකවීමේ අරමුණින් මෙම සංගණනය සිදුකරන බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.


ඒ අනුව රැකියා අහිමි වූ අය නම, ලිපිනය, දුරකතන අංකය, සේවය කරන ලද ස්ථානයේ ලිපිනය, සේවයෙන් ඉවත් කළ දිනය, එහි සේවා කාලය සහ අවසන් වරට ලැබූ මූලික වැටුප් යනාදිය පිළිබඳ තොරතුරු ලබාදිය යුතු වනවා.


එම තොරතුරු කම්කරු කොමසාරිස්, කාර්මික සබඳතා අංශය, 11මහල, මෙහෙවර පියස, කොළඹ 05. යන ලිපිනයට ලබන අප්‍රේල් පළමු වන දිනට පෙර යොමුකල යුතුයි.


වැඩිදුර විස්තර 011 2368502 දුරකථන අංකයෙන් ලබාගත හැකියි.

noizetv

No comments

Ads Place