Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යාපනයේ පැත්තක් ලොක්ඩවුන්…

  යාපනය නගරයේ නගර මධ්‍ය ඇතුලු එක් පැත්තක් වසා දැමීමට අද (26) දින යාපනය දිස්ත්‍රීක් කොවීඩ් මර්ධන කමිටුව විසින් පියවර ගත් බවට උතුරු පලාත් සෞඛ්...


 යාපනය නගරයේ නගර මධ්‍ය ඇතුලු එක් පැත්තක් වසා දැමීමට අද (26) දින යාපනය දිස්ත්‍රීක් කොවීඩ් මර්ධන කමිටුව විසින් පියවර ගත් බවට උතුරු පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ඒ. කේදීස්වරන් මහතා පවසා සිටියේය.

මේ අතර යාපනය පොළ ඇතුලු වෙළෙඳපොළ අවට ප්‍රදේහයේ පුද්ගලයින් 670 දෙනෙකුගෙන් ලබාගත් පී.සී.ආර්. පරික්ෂණ වාර්ථා ලැබීමත් සමග පුද්ගලයින් 80 දෙනෙකු ඊයේ (25) දින පමණක් කොරෝනා ආසාදිතයින් ලෙස වාර්ථා වීමත් සමග වහාම ක්‍රියාත්මක වූ යාපනය දිස්ත්‍රීක් කොවීඩ් මර්ධන කමිටුව රැස්වී ආසාදිතයින් වාර්ථා වූ ප්‍රදේශයන් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.

මේ අනුව යාපනය කන්කසන්තුරෙයි මාර්ගයේ කොටසක්, යාපනය ප්‍රධාන බස්නැවතුම්පල, යාපනය රෝහල් මාර්ගය, යාපනය ප්‍රධාන පොළ භූමිය, තිරුනෙල්වේලී පොළ භූමිය, යාපනය කොටුව ප්‍රදේශය මෙලෙස තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.

මේ වන විට යාපනය වෙළඳපොළ හා යාපනය පොළේ වෙළෙන්ඳන් 66 දෙනෙකුට කොරෝණා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් අදාල පිරිස් යාපනය නගරය අවට ප්‍රදේශයේ සැරිසැරීමත් හේතුකොට ගෙන මෙලෙස යාපනය නගරයේ එක් පැත්තක් තාවකාලිකව වසා දැමීමට සිදුව ඇති බවට දිස්ත්‍රීක් කොවීඩ් මර්ධන ඒකකය වැඩි දුරටත් පැවසීය.

පසුගියදා යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා ඇතුලු පොළෙ වෙළෙන්ඳන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී අති බවට තහවුරු වීමෙන් යාපනය පොළ භූමියද තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුනි.

මේ වන විට යාපනය නගරයේ තාවකාලිකව වසා දමා ඇති ප්‍රදේශයන්හි සියලුම වෙළඳසැල් වසා දමා ඇති අතර සාමාන්‍ය ජනතාවටද එම ප්‍රදේශවල සැරිසැරීමෙන් වැලකී සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කන ලෙසට යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂඛ කාර්යාලය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

No comments

Ads Place