Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සිවිල් පුද්ගලයින්ට පොලිස් පහරදීම් තවදුරටත් : වීඩියෝ පට එළියට

සිවිල් සමාජයේ වෙසෙන පුද්ගලයින්ට පොලිසියේ ඇතැම් නිලධාරින් විසින් සිදුකරනු ලබන පහරදීම් සහ විවිධ අඩත්තේට්ටම් සම්බන්ධයෙන් දිනෙන් දින ඉහළ යන සොභා...


සිවිල් සමාජයේ වෙසෙන පුද්ගලයින්ට පොලිසියේ ඇතැම් නිලධාරින් විසින් සිදුකරනු ලබන පහරදීම් සහ විවිධ අඩත්තේට්ටම් සම්බන්ධයෙන් දිනෙන් දින ඉහළ යන සොභාවයක් පෙන්නුම් කරමින් තිබෙනවා. පසුගියදා ගාල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ පැවසුවේ ඇතැම් පොලිස් නිලධාරීන් බිය හා සැකයකින් තොරව පුද්ගලයින්ට පහර දීමේ ප්‍රවණතාවක් මතු වෙමින් ඇති බවයි.


රටේ ඉහළ පුටුවලට ආරක්ෂක අංශ නිලධාරීන් පත් කිරීමේදී රටේ විනය හැදෙනු ඇති බවට බොහෝ දෙනා කල්පනා කලත් අද වන විට පොලිස් නිලධාරීන් සිවිල් සමාජයේ සිටින පුද්ගලයින්ට බියක් සැකක් නොමැතිව පහරදෙන තැනට වැටී ඇති බවද මෙහිදී මන්ත්‍රීවරයා එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියා.


පොලිස් නිලධාරීන් ගේ මෙවැනි අත්තනෝමතික හැසිරීම් සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය තුලදී උදාහරණ වශයෙන් ගෙන හැර දැක්වීමේ හැකියාවක් තිබෙනවා. 


අලව්ව ප්‍රදේශයේදී නෙත් එෆ්එම් බැලුම්ගල කණ්ඩායමේ සාමාජිකයෙකුට පොලිසියේ නිලධාරීන් සිදුකළ පහරදීම ඉන් එකක් වන අතර පෑලියගොඩ පොලිස් ස්ථානය තුලදී නීති ශිෂයෙකු වන මිගාර ගුණරත්නට සිදුකළ පහරදීම නිදසුනක් ලෙස පෙන්වා දිය හැකිවනවා.


මහජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් පිහිටවූ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද වන විට මහජනතාවට පිඩාවක් ගෙන දෙන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් පැමිණිලි කිරිමට හැකිවන්නේ කාටද යන්න සිතා ගැනීමට නොහැකි මට්ටමක් ඇතිව තිබීම ඛේදජනකයි.


මේ අතර කුරුණෑගල රිදීගම වාගොල්ල ප්‍රදේශයේදී උසස් පෙළ සිසුවෙකු ගංජා මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටිය බවට පෙන්වා අත්අඩංගුවට ගෙනපසුව ඔහු සතුව හෙරොයින් මත්ද්‍රව්‍ය තිබු බවට නඩු පැවරීම හේතුවෙන් අදාළ සිසුවාට උසස් පෙළ විභාගයට පවා පෙනී සිටීමට නොහැකිවීමේ සිදුවීමක් ගැන ද පසුගියදා වාර්තා විය. 


2020 ඔක්තෝම්බර් මස 11 වෙනිදා ගොකරැල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින්  විනිවිදභාවයකින් තොරව සිදුකළ අත්අඩංගුවට ගැනීමක් නිසා එම සිසුවාට මෙලෙස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නොහැකි විය.


පසුව මෙම සිසුවා ගේ ඥාතීන් සිදුකළ පැමිණිල්ලකට අනුව එවකට පිහිටුවා තිබු පොලිස් කොමිසම විසින් සිදුකළ පරීක්ෂණයෙන් හෙළිවී තිබුනේ මෙම පොලිස් නිලධාරීන් විසින් කිසිදු විනිවිදභාවයකින් තොරව එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.


දිනෙන් දින මෙවැනි සිදුවීම් අසන්නට දකින්නට ලැබෙන අතර ඇතැම් පුද්ගලයින් පොලිසියෙන් පහර කෑමේ ලැජ්ජාව සහ බිය නිසා එම සිදුවීම් හෙළි නොකර සිටින අවස්ථා නැතුවාද නොවේ.


ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, මහජන ආරක්ෂක අමාත්‍යතුමනි, මෙවැනි හිංසනයකින් රටේ සිවිල් ජනතාව මුදා ගැනීමේ වගකීම සතු ඔබතුමන්ලා ඉක්මන් නිවැරදි තීරණයක් ගනු ඇති බව රටේ මහජනතාවගේ බලාපොරෝත්තුවයි.

VIDEO

No comments

Ads Place