Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉරණතිව් දූපතේ කොරෝනා මෘතදේහ භූමදානයට එරෙහිව දූපත් වැසියන් විරෝධතා…

  කොරෝණා ආසාදිත මළ සිරුරු කිලිනොච්චිය ඉරණතිව් දූපතේ වලදැමීමට රජය විසින් ගෙන ඇති තීරණයට එරෙහිව 03 දිනයේදී ඉරණතිව් වැසියන් විරෝධතාවක් පැවත්වීම...


 කොරෝණා ආසාදිත මළ සිරුරු කිලිනොච්චිය ඉරණතිව් දූපතේ වලදැමීමට රජය විසින් ගෙන ඇති තීරණයට එරෙහිව 03 දිනයේදී ඉරණතිව් වැසියන් විරෝධතාවක් පැවත්වීමට සූධානමින් සිටින බවට දූපතේ වැසියන් පවසා සිටිති.

යුද්දෙන් පසුව 2017 වසරේදී දුෂ්කරතා රැසක් හමුවේ ඉරණතිව් දූපතේ තමන් පදිංචියට ගොස් මේ වන විට ජීවිකාව රැගෙන යන අවස්ථාවේදී තමන් ජීවත් වන දූපතේ කිසිවෙකුටත් කොරෝණා අවධානමක් නොමැති අවස්ථාවේදී මෙලෙස රජය විසින් ඉරණතිව් ධූපතේ කොරෝණා ආසාදිත මළ සිරුරු භූමදානයට ගත් තීරණයට දැඩි ලෙස තමන් විරෝධය පල කරන බවට දූපත් වාසීන් කියා සිටිති.

මේ වන විට ඉරණතිව් දූපතේ පවුල් 165 ක් පමණ නැවත පදිංචිව සිටින හෙයින් ඉරණතිව් දූපතේ කොරෝණා සිරුරු භූමදානය කිරීම මගින් දූපතේ ජලය අඩුවැඩි වීම මගින් ජනතාවට වෛරසය ජලයට මුසු වී වැළඳීමේ අවධානමක් පවතින බවටද එම වැසියන් කියා සිටිති.

මුස්ලිම් ජනතාව ජීවත් වන ප්‍රදේශයන් රටේ බොහෝ තිබියදී ඉරණතිව් දූපතේ සිරුරු වල දැමීමට සියලු දූපත් වාසීන් විරෝධය පල කරන අතරම විරෝධතාවක් සංවිධානය කොට ශ්‍රීලංකා මානව හිමිකම් කාර් යාලයටද පැමිණිළි කිරීමට තමන් බලාපොරොත්තු වන බවට ඉරණතිව් දූඵත් වාසීන් වැඩි දුරටත් පැවසූහ.

No comments

Ads Place