Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පිළිකාකාරක පොල්තෙල් ගැන නිසි බලධාරියා සද්ද නෑ… වහා ප‍්‍රකාශයක් කරන්නැයි ඉල්ලයි..

  පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වේ. සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙ...

 


පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වේ.

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්
සෞඛ්‍ය අමාත්‍යාංශය
මරදාන
කොළඔ 10.
2021/03/28

අධ්‍යක්ෂක ජෙනරාල්තුමනි,

පිළිකාරක සහිත පොල්තෙල් සම්බන්ධව.

පිළිකා කාරක පොල්තෙල් වෙළදපොලේ අලෙවි කරන බවට කතා බහක් මේ වන විට සමාජය තුල ඇතිවී තිබේ.

වසවිස නොමැති ආහාර පාරිභෝගිකයාට ලබා දීම සදහා කටුයුතු කිරීම ඔබතුමාගේ කාර්යය වන බව 1980 අංක 26 දරණ ආහාර පනතේ පැහැදිලිව සදහන් කර ඇත. එකී පනතේ 11(1) වගන්තිය අනුව ඔබතුමා ආහාර පිළිබදව නිසි බලධාරියාය.

එකී පනත ප්‍රකාරවය ආහාර පිළිබදව නිසි බලධාරිය වන ඔබගෙන්, මේ වන විට වෙළද පොලේ අලෙවි කරනු ලබන පොල් තෙල්වල ඇල්ෆ ටොක්සින් යන පිළිකා කාරකය හෝ වෙනත් විස ද්‍රව්‍ය අඩංගුද නැද්ද? යන්න පිළිබදව වහාම ප්‍රකාශයක් නිකුත් කරන ලෙස අප සංවිධානය ඉල්ලා සිටිමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

No comments

Ads Place