Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ක්‍රිකට් ඇතුළු ක්‍රීඩාවන්ට බලපාන රේගුලාසි සංශෝධනය කිරීමට ක්‍රීඩා ඇමතිවරයා කටයුතු කරමින් සිටිනවා - නීතිපති අධිකරණයට දැනුම් දෙයි

 ක්‍රිකට් පනත ඇතුළු ක්‍රීඩාවන් වලට බලපාන නීති සහ රෙගුලාසි සංශෝධනය කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා මේ වන විට කටයුතු කර ගෙන යන බව නීතිපතිවරයා අද අභ...


 ක්‍රිකට් පනත ඇතුළු ක්‍රීඩාවන් වලට බලපාන නීති සහ රෙගුලාසි සංශෝධනය කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා මේ වන විට කටයුතු කර ගෙන යන බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දෙනු ලැබුවා. 


නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා මේ බව පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළග නිලවරණයට පෙර එම ආයතනය සදහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සමක් අද අභියාචනාධිකරණයේ කැඳවූ අවස්ථාවේදී.


ක්‍රීඩා නීති වලට අදාළ සංශෝධනය සොයා බැලීම සදහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ජාතික ක්‍රීඩා කවුන්සලයක් පත් කර ඇති බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පවසා සිටියා. 


මෙම පෙත්සම් වලට එරෙහිව විරෝධතා ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව වග උත්තරකාර පාර්ශවයන් අධිකරණයට දැනුම් දුන් අතර එම විරෝධතා ජූනි මස 8 දාට පෙර ගොනු කරන ලෙසට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායදුන්නේ කොරයා යන විනිසුරු මඬුල්ල වග උත්තරකරුවන්ට නියෝග කරන ලදී . මෙම පෙත්සම ජූනි මස 8 දා යලි කැඳවීමට නියමිතය 


හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් වන මුත්තයියා මුරලිදරන්, සිදත් වෙත්තමුණි සහ විශ්‍රාමික විනිසුරු සලීම් මර්ෂුක්, ආචාර්ය පාලිත කොහොන, රියන්සි විජේතිලක, කුෂිල් ගුණසේකර ඇතුළු  12 දෙනෙකු මෙම පෙත්සම් ගොනු කරනු ලැබුවා.


ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, උප සභාපතිවරුන් වන රවීන් වික්‍රමරත්න, ජයන්ත ධර්මදාස, තිලක් වත්තුහේවා සහ ලේකම් මොහාන් ද සිල්වා යන මහත්වරු සහ ක්‍රිකට් විධායක කමිටුව පෙත්සමෙ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත .


ශ්‍රී ලංකාවේ  ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සලකා බලා පෙත්සම්කරුවන් සියලු දෙනා එක්වී අධිකරණ ක්‍රියාමාර්ගයක් සදහා එළඹුණු බවත් ඒ සදහා ජනාධිපතිවරයා, අගමැතිවරයා , නීතිපතිවරයා, ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු සියලු පාර්ශවයන්ගේ සහය ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව පෙත්සම්කරුවන් පවසා සිටියා.


වෙනත් රටවල් හා සංසන්දනය කරන විට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නිලවරණය ක්‍රිඩා සමාජ රැසක සහභාගිත්වයෙන් සිදු කරන බවත් එය ගැටුම්කාරී තත්ත්වයක් බව පෙත්සම්කරුවන් පවසා සිටියි.

No comments

Ads Place